IMG-LOGO

2026 ජුලි මස 17 වන සිකුරාදා


කටුනායක ගුවන්තොටේ මගී පර්යන්ත ධාරිතාව පුළුල් කිරීමේ රු. බි. 3.77ක කොන්ත්‍රාත්තුව Maga Engineering ට


නිමල කොඩිතුවක්කු 


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වන ගුවන් මගින් රැඳීසිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුළු 36 ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන්යානා වෙත පිවිසීමේ දොරටු හයක් (06) සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු තුනක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකුල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Maga Engineering (Pvt) Ltd. ක ඇමෙරිකානු ඩොලර් මිලියන 7.26 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) සහ රුපියල් බිලියන 3.77ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමේ.



අදහස් (0)

කටුනායක ගුවන්තොටේ මගී පර්යන්ත ධාරිතාව පුළුල් කිරීමේ රු. බි. 3.77ක කොන්ත්‍රාත්තුව Maga Engineering ට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site