IMG-LOGO

2026 ජනවාරි මස 19 වන සඳුදා


කටුනායක ගුවන්තොටේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් කවුළු බැංකු පහකට

නිමල කොඩිතුවක්කු


කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත. 
අලු‍තින් වෙන් කර ඇති ස්ථානවල මුදල් මාරු කිරීමේ කවුළු ස්ථානගත කිරීමේදී අදාළ වන මාසික කුලිය සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට අපොහොසක් වීම හේතුවෙන් ඒ වන විට පැවති කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටු වීමට සීමාසහිත ගුවන් කොටු පොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත. ඉන් අනතුරුව, පැමිණිමේ පර්යන්තයේ අලු‍තින් වෙන් කරනු ලබන ප්‍රදේශයක වසර 03 ක කොන්ත්‍රාත් කාල සීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත් බලය පවරා ඇති ආයතන වලින් සීමිත තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමට පියවරගෙන තිබේ. ඒ අනුව ලැබී ඇති ලංසු 05 ක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව සහත සඳහන් පරිදි වසර 03 ක කාල සීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු පවත්වාගෙන යාමට මෙලෙස  අනුමතිය හිමිව තිබේ. 
● කවුළු අංක 04 රුපියල් මිලියන 972.77 + අදාළ බදු සමග වූ මුදලකට Commercial Bank of Ceylon PLC වෙතද කවුළු අංක 05 රුපියල් මිලියන 877.14 + අදාළ බදු සමග වූ මුදලකට Bank of Ceylon වෙතද කවුළු අංක 06 රුපියල් මිලියන 720.79 + අදාළ බදු සමග Thomas Cook Lanka (Pvt) Limited වෙතද කවුළු අංක 07 රුපියල් මිලියන 646.64 + අදාළ බදු සමග වූ මුදලකට Sampath Bank PLC වෙතද කවුළු අංක 08 රුපියල් මිලියන 631.61 + අදාළ බදු සමග වූ මුදලකට People’s Bank වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.



අදහස් (0)

කටුනායක ගුවන්තොටේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් කවුළු බැංකු පහකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site