IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


කටුගම්පල සමුපකාර සමිතියෙන් සේවකයන්ගේ පාසල් දරු දැරියන්ට පාසල් සපත්තු

 


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


සීමා සහිත කටුගම්පල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් තම සමුපකාර සමිතියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ පාසල් යන දරු දැරියන්ට නව පාසල් වාරය සඳහා පාසල් සපත්තු බෙදා දීමේ උත්සවයක් එම සමුපකාර සමිති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සමුපකාර සමිතිය වාර්ෂිකව උපයන ලාබයෙන් කොටසක් එම සමුපකාර සමීතියේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරනු ලබන අතර විදෙස් සංචාර හා දේශීය විනෝද චාරිකාද ඊට ඇතුළත්ව ඇත.
මෙහිදී සීමා සහිත කටුගම්පල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් තම සමුපකාර සමිතියට අයත් සමුපකාර ප්‍රාදේශීක ඇතුළු ආයතන රැසක සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ දූ දරුවන්ට පාසල් සපත්තු බෙදාදුන්නේය.
මෙම අවස්ථාවට සීමා සහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති රංජිත් පුෂ්ප කුමාර, උපසභාපති එන්.කේ.එස්. නෙත්තිය කුමාර, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්, සාමාන්‍යාධිකාරී චන්දන උදේසිරි යන මහත්වරු ඇතුළු සේවක සේවිකාවෝ සහ ඔවුන්ගේ දූ දරුවෝ සහභාගීවී සිටියහ.



අදහස් (0)

කටුගම්පල සමුපකාර සමිතියෙන් සේවකයන්ගේ පාසල් දරු දැරියන්ට පාසල් සපත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site