IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් වතුරවිල තේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයක

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


ශ්‍රී ලංකාවේ තේ නිෂ්පදනය කෙරෙන අයුරු සියැසින්ම දැක සිය රටේ ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් මැතිව් ඩක්වත් මහතා ඊයේ (1) ඇල්පිටිය වතුරවිල තේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළේය.

එම තේ කර්මාන්ත ශාලාවට පැමිණි මැතිව් ඩක්වත් මහතා, අමු තේ දල්ලෙන් යන්ත්‍රාණුසාරයෙන් තේ නිෂ්පාදනය කෙරෙන අයුරු මහත් ඕනෑකමින් නිරීක්ෂණය ළේය.

වතුරවිල තේ කර්මාන්ත ශාලාවෙන් ඉතා පිරිසුදුවට තේ නිෂ්පාදනය කරන අයුරු දැක ගත් මැතිව් ඩක්වත් මහතා, ඒ සම්බන්ධයෙන් මහත් සතුටට පත්ව එම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කෙරුණු කලු‍ තේ කෝප්පයක රස බැලීමට ද අමතක නොකළේය.

 ලංකාවේදී තේ නිෂ්පාදනය කිරීමේ සිය අත්දැකීම සහ එහි ඇති ගුණාත්මක භාවය පිළිබඳව ඕස්ටේලියානුවන්ද දැනුම්වත් කොට ලංකාවේ තේ ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත කිරීමට තමාට ගත හැකි සියලු‍ම කියාමාර්ග ගන්නා බවද මෙහිදී මැතිව් ඩක්වත් මහතා කීවේය.

මේ අවස්ථාවට වතුරවිල තේ කර්මාන්ත ශාලාව පාලනය කරනු ලබන එවර්ග්‍රීන් කර්මාන්ත සමූහයේ සභාපති අරුණ ද සිල්වා, උප සභාපති සෙනාල් ද සිල්වා, අධ්‍යක්ෂකවරුන් වන මිනුල් ද සිල්වා, දුෂර ගීගනගේ, සාමාන්‍යාධිකාරීවරුන් වන ලසන්ත අල්විස්, බී.ඩබ්ලිව්.ටී. නදීෂන, වතුරවිල තේ කර්මාන්ත ශාලාවේ කළමනාකරු අසේල විජේසේකර, එවර්ග්‍රීන් සමූහයේ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධීකරණ නිලධාරී, විශ්‍රාමික තේ නිලධාරී අශෝක හේවාවසම් යන මහත්වරු ද සහභාගීවූහ.



අදහස් (0)

ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් වතුරවිල තේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site