භානුක අමරසිංහ
 හැව්ලොක් සිටි ගොඩනැගිල්ල අයත් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම, සිංගප්පූරුවේ පිහිටි සිය අනුබද්ධිත සමාගමක් වන Shing Kwan Investment Singapore Pte Ltd. මගින් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 14 ක (14,022,978.61ක) ණයට අදාළ ණය මුදල සහ පොලිය පියවීමක් සිදුකළ බව පවසයි.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 28 දක්වා කාලය තුළ මෙම ණය ආපසු පියවීම සිදුකළ බව සමාගම ඊයේ (28) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් පවසා සිටියි. මෙහිදී හැව්ලොක් සිටි (පෞද්) සමාගම මගින් අදාළ ගෙවීම සිදුකර තිබේ.
ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම 2017 සහ 2018 වසරවලදී Shing Kwan Investment Singapore Pte Ltd. සමගින් මෙම ණය එකඟතාවට පිවිස ඇත. මෙහිදී කොළඹ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය සහ මිරෙකා ටවර් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය මුදලින් කොටසක් ලබා ගැනීම වෙනුවෙන් මෙම එකඟතාවට පිවිසීම සිදුව තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 28 වැනිදා දක්වා කාලය තුළ අදාළ ණය ආපසු ගෙවීමක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 9 ක මුදලක් ද, එහි පොලී ගෙවීම ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක (5,022,978,61ක) මුදලක් ද Shing Kwan Investment Singapore Pte Ltd. වෙත ගෙවූ බව සමාගම පවසයි.
ඕවර්සීස් රියැලිටි ඩොලර් මිලියන 14 ක ණයක් පියවයි