භානුක අමරසිංහ
ඕමානයේ ජාතික ගුවන් සේවය වන ඕමාන් එයාර් ගුවන් සේවය oneworld සන්ධානයේ 15 වැනි සාමාජිකයා ලෙස එක්ව ඇතැයි නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව ජූලි 01 වැනිදා සිට oneworld පාරිභෝගිකයන්ට ඕමාන ගුවන් සේවය සිදු කරන ගමනාන්ත සමගින් සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද 2014 වසරේ සිට oneworld සන්ධානයේ සාමාජික ගුවන් සේවයකි. මෙම oneworld මගින් ලොව පුරා පිහිටි ගමනාන්ත 900 ක් එකිනෙකට සම්බන්ධ කරමින් ඒවායේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. එසේම දිනකට මගීන් ලක්ෂ 14 කට ආසන්න පිරිසක් oneworld සාමාජික ගුවන් සේවා මගින් පියාසර කරන බවත් පවසයි. Oneworld සාමාජික ගුවන් සේවා වාර්ෂිකව සිදු කරන ගුවන් පියාසැරීම් සංඛ්‍යාව ලක්ෂ 46 ක් ඉක්මවා තිබේ.
ඕමාන ගුවන් සේවය One World සන්ධානයට