IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


ඔබේසේකරපුර නිවාස 300 ක කොන්ත්‍රාත්තුව Maga Engineering ට


නිමල කොඩිතුවක්කු


රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06 න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020-03-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කර එකී ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. 

ඒ අනුව ඉදිරිපත් වී ඇති ලංසු 06 සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව Maga Engineering (Pvt) Ltd  වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ඔබේසේකරපුර නිවාස 300 ක කොන්ත්‍රාත්තුව Maga Engineering ට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site