×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ඔක්තෝබරයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවත් ඉහළට
කතෘ මණ්ඩලය 2025 නොවැම්බර් මස 19
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 61.0 ක අගයට
උත්සවය සමය වෙනුවෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශය වෙත නිෂ්පාදන ඇණවුම් ලැබීම මීට හේතුවයි
භානුක අමරසිංහ
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 61.0 ක අගයක් වාර්තා කර තිබේ.
මෙය සැප්තැම්බරයේදී වාර්තා කළ 55.4 ක අගයට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමකි. මෙම ඉහළ යාම පුළුල් පදනමක් මත සිදු වූ බවත්, සියලුම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක වී ඇති බවත් මහ බැංකුව පවසයි.
‘මෙහිදී මූලිකවම ඉදිරි උත්සව සමය වෙනුවෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශය වෙත නිෂ්පාදන ඇණවුම් ලැබීම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය සැප්තැම්බරයේ පැවැති 59.0 සිට ඔක්තෝබරයේදී 64.0ක් දක්වා ඉහළ යාම සිදුව තිබේ. එසේම උත්සව සමය ඉලක්ක කරගත් නිෂ්පාදන කටයුතු හේතුවෙන් නිෂ්පාදන උප දර්ශකයත් 55.5 සිට 62.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.’ මහ බැංකුව පවසයි.
එසේම ඇණවුම් සහ නිෂ්පාදන කටයුතු ඉහළ යෑමත් සමගින්ම සේවා නියුක්ති උප දර්ශකය සැප්තැම්බරයේ පැවැති 46.0 සිට ඔක්තෝබරයේදී 56.0ක් දක්වාත්, තොග මිලදී ගැනුම් උප දර්ශක 57.5 සිට 62.5ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. මීට අමතරව ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඔක්තෝබර් මාසයේදීද 58.0ක් ලෙස ඉහළ මට්ටමක පැවතුණි.
අදහස් (0)
ඔක්තෝබරයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවත් ඉහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ඔක්තෝබරයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවත් ඉහළට