IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය සියයට 63 කින් පහළට

  • මේ දක්වා ලියාපදිංචි කර ඇති සමස්ත BYD රථ සංඛ්‍යාව 6,949ක්
භානුක අමරසිංහ
2025 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට තුළ සිදු කෙරුණු BYD මාදිලියේ මෝටර් රථ ලියාපදිංචිය 563ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු BYD රථ 1,531 හා සැසඳීමේදී සියයට 63ක පසු බැසීමක් බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන CAL Research ආයතනය පෙන්වා දෙයි. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එම ආයතනය මෙම වාර්තාව සකස් කර තිබේ.
ඒ අනුව මෝටර් රථ ආනයන සීමා ලිහිල් කෙරුණු අප්‍රේල් මාසයෙන් පසුව මාසයක් තුළ අඩුම BYD මෝටර් රථ ලියාපදිංචියක් සිදු වූ මාසය ලෙසින්ද ඔක්තෝබරය සැලකෙන බව එම ආයතනය පවසයි. 
දත්ත වාර්තා අනුව අප්‍රේල් මාසයේදී රථ 516ක්, මැයි 871ක්ද, ජූනි 1254ක්ද, ජූලි 790ක්ද, අගෝස්තු 1,424ක්ද, සැප්තැම්බර් 1,531ක්ද ලෙස BYD රථ ලියාපදිංචි කෙරී තිබෙන බව මෙම වාර්තාවේ සඳහන්ව තිබේ. ඒ අනුව මෙතෙක් ලියාපදිංචි කෙරී ඇති සමස්ත BYD මෝටර් රථ සංඛ්‍යාව 6,949 කි.
ගත වූ මෙම කාලසීමාවේදී BYD මෝටර් රථ අතරින් ATTO මාදිලිය වෙත වැඩි ඉල්ලු‍මක් හිමිව තිබේ. එහෙත් රේගුවත් සමගින් පවතින ගැටලු‍කාරී තත්ත්වය හේතුවෙන් එම මෝටර් රථ මාදිලිය නිදහස් කරවා ගැනීමේ ප්‍රමාදවීම් නිසා ලියාපදිංචි කිරීම්ද අඩුවී තිබීම මෙලෙස ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය අඩුවිමට හේතුවක් වී තිබේ. 



අදහස් (0)

ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය සියයට 63 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site