IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ඔක්තෝබර් මාසයේ වෙළෙඳ හිඟය පුළුල් වේ

(හර්ෂණ තුෂාර සිල්වා)

ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන සුළු වශයෙන් වැඩි වීම නිසා ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් වූයේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව ආනයනවල ඉහළ වර්ධනය හේතුවෙන් ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ හිඟයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත. 

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 752ක් වූ අතර එය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 903ක් දක්වා පුළුල් වී ඇත.

පසුගිය වසරේ පළමු මාස දහයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,591ක් වූ අතර ඒ අනුව මේ වසරේ මුල් මාස දහයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 1266කින්, ඩොලර් මිලියන 8,857ක් දක්වා පුළුල් වී තිබේ. 

මේ අනුව මේ වසරේ මුල් මාස දහය තුළ සමුච්චිත වෙළෙඳ හිඟය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් වී ඇත.  

 



අදහස් (0)

ඔක්තෝබර් මාසයේ වෙළෙඳ හිඟය පුළුල් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site