IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


ඔක්තෝබර් මුල්දින 04ට සංචාරක පැමිණීම් 23,349ක්

ඔක්තෝබර් මාසයේ මුල් දින 04 තුළ මෙරට වෙත සංචාරකයන් 23,349 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

පළමු දින දෙකේදී පිළිවෙළින් සංචාරකයන් 6,751ක් සහ 6,441ක් පැමිණ ඇති අතර, 03 සහ 04 යන දිනවලදී එම පැමිණීම් 5,574ක් සහ 4,583ක් දක්වා අඩු වී තිබේ.

කෙසේ වෙතත් මෙම සංචාරකයන් සංඛ්‍යාවත් සමගින් වසර තුළ මෙතෙක් මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,717,028 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අතරින් සංචාරකයන් 447,479ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 161,886ක් සහ චීනයෙන් 114,678ක් ලෙස මෙම සංචාරකයන් සටහන්ව ඇත.

 



අදහස් (0)

ඔක්තෝබර් මුල්දින 04ට සංචාරක පැමිණීම් 23,349ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site