IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


ඔක්තෝබර් මුල් දින 08දී රේගුවට රු. බි. 62ක ආදායමක්

ශ්‍රී ලංකා රේගුව ඔක්තෝබර් මාසයේ මුල් දින 08 තුළදී රුපියල් මිලියන 61,777 ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. ඒ අනුව මෙය මාසය තුළ රැස් කිරිමට අපේක්ෂා කරන රුපියල් මිලියන 193,306 ක ආදායමෙන් තුනෙන් පංගුවක් සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ. 

මෙම ආදායමත් සමගින් වසරේ මේ දක්වා කාලය තුළ රේගුව වාර්තා කළ සමස්ත ආදායම රුපියල් බිලියන 2,178.79ක් බවට පත්ව තිබේ. 

2026 වසර සඳහා වන රේගු ආදායම් ඉලක්කයේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,206.99 න් සියයට 95 කට වැඩි ප්‍රතිශතයක් මුල් මාස දහය ඇතුළතදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් බවට පත්ව ඇත. ඒ අනුව මාසයේ මුල් දින 15 තුළදී එම ඇස්තමේන්තුව සැපිරෙනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.



අදහස් (0)

ඔක්තෝබර් මුල් දින 08දී රේගුවට රු. බි. 62ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site