IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් වෙතින් රු. බි. 3ක ණයකර නිකුතුවක්

භානුක අමරසිංහ 

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 3ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. මෙහිදී ලැයිස්තුගත, වර්ග කෙරුණු, උප ප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙය සිදුකරන බව සමාගම සඳහන් කරයි. 

මෙහිදී ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කරගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 3කි. මෙම ණයකර නිකුතුව වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සමාගමේ සැලසුම වී තිබේ. ඒ සඳහා ලබා දෙන පොලී අනුපාතද ඉදිරියේදී තීරණය කරන බව සමාගම පවසයි. කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම සඳහන් කරයි.

 



අදහස් (0)

ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් වෙතින් රු. බි. 3ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site