මේවනවිට පාරම්පරික එළවළු බීජ වර්ග ගොවිබිමෙන් ඉවත්වී දෙමුහුන් එළවළු බිජ වර්ග අධික මිලකට ගෙන වගාකළත් එම බෝග වර්ග විවිධ රෝගවලට ලක්වීම, කෘමි හානියද ඉහළ තලයක පැවතීමත් දෙමුහුන් බිජ වගාවෙන් නැවත බිජ සකසා ගත නොහැකි වීම වැනි කාරණා මත එළවළු වගාවෙන් තම ආර්ථිකය ගොඩ ගත නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු ගොවියෝ මැසිවිළි නගති. 
පාරම්පරික බිජ විවිධ රෝගවලට ගොදුරු වීම අවම මට්ටමක තිබුණි. එහෙත් එම බීජවලින් ලැබෙන අස්වනු ප්‍රමාණය අවම මට්ටමක පැවතිණි. මෙයට විසදුම් ලෙසින් වැඩි අස්වනු ලැබෙන විදෙස් දෙමුහුන් බීජ වර්ග ආනයන කිරීමට පියවර ගෙන තිබේ. මෙම විදෙස් බීජ වර්ග මිල ඉහළ වීම, ලෙඩ රෝග මෙන්ම කෘමි හානි බහුල වීම ඔස්සේ වැඩි වියදමක් දැරීමට සිදුවේ.

එළවළු බීජ දේශීයව නිපදවන්න බැරිද?