IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


එස්-ලෝන් ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අවබෝධතා ගිවිසුමක

එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය. එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගම යටතේ පිහිටුවා ඇති ජල නළ කාර්මික සමාජවල සිටින ජල නළ කාර්මිකයන්ගේ නිපුණත්වය හා වෘත්තීමයභාවය ඉහළ නැංවීම එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අරමුණ විය.

අවබෝධතා ගිවිසුම මගින් එම සමාජවල සිටින ජලනළ කාර්මිකයන්ව ජාතික වෘත්තීය මට්ටම් 4ට අදාළව සහතිකකරණයට ලක්වෙමින් ඒ සඳහා වන සහතික ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විජිත වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (0)

එස්-ලෝන් ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site