IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


එයිට්කින් ස්පෙන්ස් හොටේල් වෙතින් රු.බි. 5ක ණයකර නිකුතුවක්

එයිට්කින් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 5ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. 

ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කෙරෙන අතර, ඉන් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 3කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කෙරෙන අතර ඉන් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 2ක. 

මෙම නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිවිය යුතු බවත්, නිකුතුවට සම්බන්ධ කල්පිරෙන දිනය, පොලී අනුපාත ඉදිරියේදී දැනුම් දෙන බවත් එයිට්කින් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.

 



අදහස් (0)

එයිට්කින් ස්පෙන්ස් හොටේල් වෙතින් රු.බි. 5ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site