IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ 75 වැනි සංවත්සරය සමරයි

ක්‍රිමිරාජ කරල්, ගුලි ඇතුළුව ක්‍රිමිරාජ නාමය යටතේ ගුණාත්මක  ආයුර්වේද ඖෂධ බෙහෙත් නිෂ්පාදනය කරන දිවයිනේ කීර්තිමත් ආයුර්වේද සමාගමක් වන එම්.ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ ආයුර්වේද දිවියේ 75 වැනි සංවත්සරය සමරයි. කෘතිම රසායනවලින් තොරව ස්වාභාවික අමුද්‍රව්‍යවලින් පමණක් ආයුර්වේද නිෂ්පාදන සිදු කරන ක්‍රිමිරාජ නාමය ජනතා විශ්වාසය දිනා ඇත. 
තම පියාගෙන් ලැබූ ක්‍රිමිරාජ නාමය අතීතයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ වූවද වසර 75 ක් වැනි දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාම පිළිබදව තමා අතිශය සතුටට පත් වන බව එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ අධිපති මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වික්‍රමාරච්චි ආයුර්වේද විදුහලේ හිටපු විදුහල්පති මහචාර්ය සුමනරත්න අමරතුංග මහතා පවසයි. විදෙස් ශ්‍රමිකයන් තුළ පවා ක්‍රිමිරාජ නාමය ප්‍රචලිත වී ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන බව මහචාර්ය සුමනරත්න අමරතුංගගේ මතයයි.
අමුද්‍රව්‍යවල අධික මිල ක්‍රිමිරාජ ආයතනයටද නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි ලෙස බලපා ඇති බව පවසන මහචාර්ය සුමනරත්න අමරතුංග රජය මැදිහත් වී මෙයට විසඳුමක් සපයනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය.



අදහස් (0)

එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ 75 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site