සාරා කන්දෙගොඩ
ජාතික ජන බලවේගය ආණ්ඩුව සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කර තිබේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රතිපත්ති අනුව සකස් කරන ලද අය වැය යෝජනා රට හමුවේ තබා තිබේ. අය වැය යෝජනා සකස් කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා සලකා බලන්නට සිදුවීම වෙනම කාරණයකි.
කෙසේ වෙතත් ඉදිරි ගමන වෙනුවට පැරැණි ව්‍යුහ එපිට මෙපිට හැරවීමට කාලය නාස්ති කළ යුතු නැත. ජාත්‍යන්තර තරගකාරීත්වය ඉතාම තියුණුය. පසුගිය වසර ගණනක පසුබෑම ප්‍රශ්නකාරී වී තිබේ. ජනතාව එම පසුබෑම හමුවේ පීඩනයකට මුහුණ පා සිටිති. මෙම අවස්ථාවේ දී අලුත් වටයකින් ඉදිරියට ගමන් කළ යුතුව ඇති අතර පැරැණි මතිමතාන්තර ප්‍රශ්න කිරීම න්‍යාය පත්‍රය දුර්වල කරනු ඇත.
මෑත කාලය තුළ ඉක්මනින් වෙනස් වූ ආණ්ඩු ගණනාවකි. ජාතික ජනබලවේගය හැරුණු කොට පැරැණි ආණ්ඩු වෙනම දර්ශනයකට කටයුතු කර තිබේ. ඒවායේ අඩුපාඩු හා බරපතළ ආර්ථික අපරාධ තිබිය හැකිය. මහජන ඡන්දයෙන් ලබාගත් දින ගණන නාස්ති කිරීම ප්‍රශ්නයක් විය හැකිය. මෙතෙක් අනුගමනය නොකළ ප්‍රතිපත්ති, වේගයෙන් රට හරවන ක්‍රමවේද හා කාර්යක්ෂමතාව ඉතාම වැදගත්වේ.
අනුර කුමාර දර්ශකයක් ඉදිරියට
ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොරොන්දු සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව හමුවේ තබා ඇත. විපක්ෂයක සිටිය දී අරමුණු හා ඉලක්ක සාකච්ඡා කිරීම පහසුය. බලයට පැමිණි පසු අභ්‍යන්තරය පහසු නැති බව වැටහේ. වත්මන් ආණ්ඩුව ද එම ස්ථානය කරා තල්ලුවෙමින් සිටී. භාණ්ඩාගාරයේ තත්වය, මුදල් උපයාගැනීමේ සීමා, මහජනතාවගේ අපේක්ෂා ගැන ආණ්ඩුව හඳුනාගෙන ඇත. අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කිරීමේ දී ගතවන කාලය හා අභියෝග තිබෙන බව ඉතාමත් පැහැදිලිය. මෙම පැතිකඩ තිබිය දී විපක්ෂ දේශපාලන පක්ෂ, වෙනත් මතධාරී කණ්ඩායම් පොරොන්දු සම්බන්ධ ප්‍රශ්න කිරීම් සඳහා සූදානමක් තිබේ. මහජනතාවගේ අපේක්ෂා, ආණ්ඩුවකට කළ හැකි සීමා යනුවෙන් දෙපැත්තක් ඇත. ඉතාමත් වැදගත් මෙහි අතරමැද කර්තව්‍යය වේ. ආර්ථික සංවර්ධනය අරමුණු කරගෙන වහා ක්‍රියාත්මකවීමය. මඟහැරීම්, අඩුපාඩු පසුගිය කාලයේ ව්‍යුහ අතරින් අලුත් ආලෝකය උදාකරගත යුතුව තිබේ.
වෙරිටේ රිසර්ච් දක්වන පරිදි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සහ තහවුරු කරගත හැකි දත්ත පදනම් කරගෙන පොරොන්දු විසි දෙකක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. බලයට පත්වන ආණ්ඩුවලට ඡන්ද වේදිකාවේ දී නිකුත් කරන ප්‍රකාශ ගැන වගකීමක් තිබිය යුතුවේ. 2024 මැද භාගයේදී කරුණු හයකින් යුතු නිවේදනයක් නිකුත් කළ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා වසර 2032 තෙක් සැලකිය යුතු වර්ධනයක් ආර්ථිකය සම්බන්ධයෙන් ලබාගත නොහැකි බව පෙන්වා දුන්නේය.
රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 95 ක ප්‍රතිශතයෙහි පවතින බව ද අනතුරු අඟවන ලද අතර ඡන්ද වේදිකාවේ දී දෙන පොරොන්දු ඒවාට වැය කරන්නට සිදුවන ධනය සලකා ඉටු කළ හැකි බව ඔප්පු කිරීම වැදගත් බව පෙන්වා දී තිබේ. වෙරිටේජ් පර් යේෂණ ආයතනය බලයට පත් ආණ්ඩුව නොකරන දේ පෙන්වන අතර ඡන්ද කාලයේ දී මෙම ප්‍රවණතාව පවත්වාගත යුතුවේ. පසුබිම අවබෝධ කරගෙන ඡන්දය භාවිත කිරීමට පුරවැසියන්ට හැකිවේ.
දූෂණය මැඩලීම හා හොරු අල්ලන පියවර
ආණ්ඩු වෙනස් වූ පසු වංචා හෝ දූෂණවලට චෝදනා අධිකරණයට ගෙන යන තීන්දුව සුදුසු නැත. සාමාන්‍ය පුරවැසියකු අගතියකට ලක් වූ පසු පොලිසියට පැමිණිලි කරන හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි කාලවකවානු ඇත. කාලය ඉක්මගිය පසු නඩු පැවැරීම සඳහා නීතිඥවරු වෙනස් උපාය අනුගමනය කරති. පොලිසිය ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා පොලිස් කොමිසමක් තිබේ. අධිකරණය ස්වාධීන බලතල සහිතය. ආණ්ඩුවක් බලයට පත් වූ පසු ප්‍රතිවාදීන්ට දඬුවම් කිරීම වෙනුවට සිද්ධියක් වාර්තා වූ වහා තීරණ ගැනීමේ ක්‍රමවේද අවශ්‍යය. රටට හානිය සිදු වී අවුරුදු ගණනකට පසු පැරණි කඩදාසි ඉදිරිපත් කර අත් අඩංගුවට ගැනීම හා පසුව චෝදනා සනාථ කරගැනීමේ දුෂ්කරතා සාධාරණ තත්වයක් නොවේ.
ක්‍රියාපටිපාටියේ වරද හුවා දක්වා ව්‍යාපෘති වෙනස් කරන අතර ඒවායේ තීන්දු ආපසු හරවන පසු ආර්ථික අපහසුතා ඇතිවේ. ආණ්ඩු ගන්නා තීරණ එක පුද්ගලයකුට හෝ ආයතනයකට පමණක් සීමා නොවේ. ඒවා සංකීර්ණ ජාල ආකාරයට හැසිරේ. යහපාලන ආණ්ඩුව කොළඹ වරාය නගරය නතර කරන පසු එහි සැපයුම්කරුවෝ අසරණ වූහ. මුදල් නොලැබීමෙන් දුප්පත් ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරිණ. ඒවායේ සේවය කළ හා සේවා සපයන ලද පිරිස් දෝෂ දැනගෙන කටයුතු කරන ලද කණ්ඩායමක් නොවේ. අධිවේගී මාර්ග නතර කරන පසු පවා මෙවැනි තත්වයක් ඇති වූ අතර ඒවායේ ගෙවීම් ලබාගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවිය.
ආයතන විශාල ප්‍රමාණයක් එහි අවාසි සහගත පිරිවැයවලට වන්දි ගෙවා තිබේ.
අලාබ, අසාර්ථක හෝ දූෂණ සම්බන්ධ එකී අවස්ථාවේ දී නිරීක්ෂණ අවශ්‍ය කෙරේ. දේශපාලන බලයට අභිමතය කරගැනීමට ඉඩ දී ආණ්ඩු වෙනස් වූ පසු කොමිෂන් සභා පත් කිරීම පලක් නැත. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමන ක්‍රමවේද මෙරට බහුල අතර අවසානයේ දී ආණ්ඩුවල වැරැදි සොයන්නට කරන වියදම ද ආර්ථිකයට බරකි. ඖෂධ ආනයනය සම්බන්ධ නඩු විභාගයක චෝදනා පත්‍ර සඳහා පමණක් වැය කරන බිලියන ගණන් මුදල පසුගිය දා අනාවරණය වූ අතර එම මුදල් ගෙවන්නේ ද මහජනතාවය.
ආපසු හැරවීමෙන් සිදුවන අවාසි
නෙළුම් කුලුන සැලැස්ම සෑහෙන වතාවක් වෙනස් කළේය. අධිවේගී මාර්ග සැලසුම් ඉදිරියටත් ආපස්සටත් ගමන් කළ අතර පිරිවැය නොසලකා වෙනස්කම් කර ඇත. ඉදිකිරීම් තීන්දු නොගැනීම, විරෝධතා හේතුවෙන් රටට සිදු වූ හානිය බරපතළය. ආණ්ඩු වෙනස් වූ පසු මෙම සැලසුම් ද වෙනස් කර තිබේ. නොරොච්චෝල බලාගාරය, ඉහළ කොත්මලේ හා සාම්පූර් බලාගාර ආණ්ඩු වෙනස් වූ සෑම වතාවකම සංශෝධනයට ලක්විය. කොළඹ වරාය නගරය වැඩ නතර කර වන්දි ගෙවා තිබේ. කාබනික පොහොර ආනයනය කර ආපසු හැරවීමෙන් පසු ගෙවන ලද වන්දියක් ඇත. හෙජිං ගිවිසුම අත්හැරීමෙන් පසු ලොකයේ ප්‍රධාන බැංකු තුනකට වන්දි ගෙවූ අතර ඒවා නොගෙවිය යුතු බවට රජයේ තීරණය අභියෝග කර ජාත්‍යන්තර අධිකරණවල නඩු තීරණ අනුව වන්දිය පමණක් නොව එම නඩු ගාස්තු ද ශ්‍රී ලංකාව ගෙවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් යානා ඇනවුම අවලංගු කිරීම ද එබඳුය. යානා නිපදවන සමාගම්වලට අලාබය ගෙවා ඇත. සැහැල්ලු දුම්රිය යෝජනාව අවලංගු කිරීම ද එබඳුය. ආණ්ඩුව වෙනස් වූ පසු කරන ලද අත්හිටුවීම සලකා පිරිවැය ආපසු ගෙවන්නට සිදුවී තිබේ. අලුත් ආණ්ඩුව ද එහෙමය. අදානි සමූහ ව්‍යාපාරයේ විදුලිය යෝජනා ක්‍රමය අත්හිටුවීමෙන් පසු අලාබය ඉල්ලා ඇති අතර එය ගෙවන්නට සිදුවන අවදානමක් තිබේ.
මෙම ලැයිස්තුව කියවන පසු ශ්‍රී ලංකාව අද පවතින තැන ඉතිරිවී තිබීම පුදුම සහගතය. ජනතාව මහත් පරිශ්‍රමයකින් උපයාගන්නා ධනය ඉතාම අකාර්යක්ෂම තීන්දු අනුව බැහැර සමාගම්වලට ගෙවා තිබේ. දුප්පත් ජනතාව මැද පෙරදිග ඇතුළු රටවලට ගොස් උපයා එවන විනිමය කිසිම හැඟීමකින් තොරව බලවත් සමාගම්වල එන්තරවාසිවලට නිකුත්කරන්නට සිදුවූ පසුබිම ප්‍රශ්න කළ යුතුවේ. මේවා අපරාධ වශයෙන් සැලකීම වෙනම කාරණයකි. එම තීන්දු අඛණ්ඩව ක්‍රියාවට නංවා ශ්‍රී ලංකාවට ලබාගත හැකි අවස්ථා සඳහා පියවර නොගැනීම අනෙක් කාරියකි. ආණ්ඩු භාරගන්නා පිරිස වරින් වර රටට කරන ලද අලාභ තක්සේරු කිරීම කිසිසේත් පහසු නැත.
පසුගිය ආණ්ඩුවක් ආරම්භ කරන ලද කර්තව්‍යයක් ආපසු හැරවීම හෝ සංශෝධනය කිරීම වෙනුවට ඉදිරියට ගෙන යන තීරණ ගැනීම ඕනෑම පාලකයකුගේ වගකීමක් බව අවධාරණය කළ යුතුව තිබේ. එවැනි ප්‍රතිපත්තියක් මග හැර කටයුතු කරන ඕනෑම අවස්ථාවක වියදමක් ඇති අතර එම පිරිවැය මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ යුතුය. අවාසිය ප්‍රශ්න කරන වගකීමක් ජනතාවට මහ ජනතා සංවිධානවලට ද තිබේ.
නම වෙනස් කළ ආහාර මුද්දරය
දිළිඳු ජනතාවට ගෙවන ආධාර ගැන දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම ආධාර ක්‍රම පවත්වාගෙන යෑම වියදමකි. මැතිවරණයක් පාසා බලයට පත්වන ආණ්ඩු ඒවායේ නම වෙනස්කර නිලධාරීන් අලුත් කර පවත්වාගෙන යන පියවර තවත් අපරාධයකි. ආහාර මුද්දර, හාල් කූපන් පොත අද පරම්පරාව දන්නේ නැත. පසුව දිළිඳු සහන බවට හැරවිණ. ජන සවිය, සමෘද්ධිය හා අස්වැසුම ද එකම ක්‍රමවේදය බව නොරහසකි. අවසානයේ දී ප්‍රජා ශක්ති සහන ක්‍රමයක් යෝජනා කර ඇත. රට පුරා දිළිඳු ජනතාව තෝරා ආධාර දෙන පියවරක් සේ වත්මන් ආණ්ඩුව හඳුන්වාදෙමින් තිබේ. එය තාවකාලික පියවරක් වන අතර සෑම අංශයකින්ම ආවරණය කරගෙන දිළිඳු ජනතාව නගාසිටුවන බව සංකල්පයක් වශයෙන් දක්වයි. හැට ගණන්වල සිට පැවැති ආධාර ක්‍රම හමුවේ දුප්පත්කම තුරන් වී නැත. අද වන විට මෙරට ජනගහනයෙන් තුනෙන් එකක් ආධාර ලබන තැන පසුවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. ආධාර ක්‍රම වෙනස් කරන අතර ඒවාට නිලධාරීන් බඳවාගෙන රජයේ සම්පත් වැය කරන පසු එම පිරිවැය සඳහා බදු ගෙවන්නේ ද දුප්පත් ජනතාව බව කල්පනා නොකිරීම වරදකි.
ශ්‍රී ලංකාව වෙනම ආර්ථික ක්‍රමයක් හඳුනාගත යුතුය. එකම ක්‍රමය ඒ පැත්ත හා මේ පැත්ත හරවමින් ජනතාව හමුවේ තැබීමෙන් රටට වාසියක් අත්පත් වී නැත. ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණවලින් හැර ජනතාව ඉල්ලා සිටින සංවර්ධනය ලබා දිය නොහැක. ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය අනුගමනය කරන ක්‍රම අධ්‍යයනය කළ යුතුවේ. ඉන්දියාව ආර්ථික සංවර්ධනය සඳහා ගන්නා තීරණ සලකා බැලීම අවශ්‍යය. ඊළඟ ඡන්දය තෙක් සැලැසුම් සකස්කිරීම අත්හැර දැමිය යුතුව තිබේ. දේශපාලන න්‍යාය පත්‍ර අහෝසි කරන ප්‍රතිපත්ති ආණ්ඩුවකට අවශ්‍යය. වත්මන් ආණ්ඩුවේ තීරණ ඊළඟ වතාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, දිළිඳු සහන හෝ බලශක්ති වැඩ පිළිවෙළ වශයෙන් සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේ නම් රටක අනාගතය තීන්දු කළ හැකි ද?
එපිට මෙපිට හැරවීමෙන් බිඳවැටෙන ආර්ථික ඉලක්ක