IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එක්සෙල් වර්ල්ඩ් හි ජාත්‍යන්තර ප්‍රමිතියේ තේමා උද්‍යානයක්

භානුක අමරසිංහ

කොළඹ නගරයේ පිහිටි ජනප්‍රිය නාගරික විනෝද ක්‍රීඩා ස්ථානයක් වන එක්සෙල් වර්ල්ඩ් තුළ නවතම මාදිලියේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් තේමා උද්‍යානයක් විවෘත කිරීමට මේ වනවිට සූදානමින් සිටින බව එය අයත් බ්‍රවුන්ස් සහ සමාගම පවසයි. මේ වසරේ දෙසැම්බර් මාසයේදී එම තේමා උද්‍යානය විවෘත කිරීම සැලසුම බවත් සමාගම සඳහන් කරයි.

2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2024/25 මූල්‍ය වර්ෂය සඳහා සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ සටහනක් තබමින් බ්‍රවුන්ස් සහ සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ. “එක්සෙල් වර්ල්ඩ්හි දිගුකාලීන වර්ධන ක්‍රමෝපාය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියේ තේමා උද්‍යානයක් දියත් කිරීමට අපි සූදානමින් සිටිනවා. එය 2025 දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.“ යනුවෙන් එහි සඳහන්ව තිබේ.

මෙම සුවිශේෂී යාවත්කාලීන කිරීමත් සමගින් එක්සෙල් වර්ල්ඩ්හිදී ලබාදෙන විනෝදාස්වාදන අත්දැකීම් නැවත අර්ථදැක්වීමට හැකියාව ලැබෙනු ඇති බවත් සමාගම සඳහන් කරයි. එසේම කලාපය තුළ ප්‍රධානතම ලෙෂර් ආකර්ෂණයක් සහිත ස්ථානයක් බවට පත්වීමටද ඊට හැකි වනු ඇති බවත් පවසයි.

 



අදහස් (0)

එක්සෙල් වර්ල්ඩ් හි ජාත්‍යන්තර ප්‍රමිතියේ තේමා උද්‍යානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site