IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


එක දවසක් බිස්නස් තිබ්බොත් අනිත් දවසට නෑ

පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ බෙස්ට් ඇන්ඩ් බෙස්ට් වෙළෙඳසලේ හිමිකරු මොහොමඩ් ශාබ්ඩීන්


ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබට එහි ඇවිද යාමට සිදුවන්නේ දැඩි අපහසුවකිනි. එයට හේතු වන්නේ වීදි පුරා පිරී ඉතිරී යන සෙනග හේතුවෙනි. පිටකොටුව වෙළෙඳපොළේ එළිමහන් කඩසාප්පු සහ වෙළෙඳපොළවල් මාලාවකි. එය තොග සහ සිල්ලර වෙළෙඳසල්, ගොඩනැගිලි, වාණිජ ආයතන සහ අනෙකුත් සංවිධාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වාණිජ ප්‍රදේශයයි. මේ දිනවල වෙළෙඳාමේ තතු සොයා බැලීමට අප ගොඩවූයේ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ බෙස්ට් ඇන්ඩ් බෙස්ට් වෙළෙඳසල වෙතයි. එහි හිමිකරු වූ මොහොමඩ් ශාබ්ඩීන් මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි. 


මේ දිනවල බිස්නස් කොහොමද?
මේ ව්‍යාපාරය පටන් අරන් දැනට වසර 36 ක් වෙනවා. අපි විකුණන්නේ රෙදි. ඉන්දුනීසියාව, තායිලන්තය, බැංකොක් වගේ රටවලින් තමයි බොහෝ රෙදි වර්ග ආනයනය කරන්නේ. 
මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. එක දවසක් බිස්නස් තිබ්බොත් අනිත් දවසට නෑ. සෙනසුරාදා දවසට නම් බිස්නස් හොඳට තියෙනවා අනිත් දවස්වලට සාපේක්ෂව.

බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න හේතු කිහිපයක් බලපානවා. එක හේතුවක් තමයි වර්තමාන ආර්ථික තත්වය. මිනිස්සු ළඟ සල්ලි නෑ. එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වන ආහාර පාන මිලදී ගන්නවා ඇරෙන්න අමතර මිලදී ගැනීම් කරන්නේ හරිම අඩුවෙන්. 
තවත් හේතුවක් තමයි වෙළෙඳපොළේ පවතින තරගකාරිත්වය. දැන් පිටකොටුවේ විතරක් නෙමෙයි අනෙක් ප්‍රදේශවලත් තොග වෙළෙඳපොළවල් බහුලව බිහිවෙලා තියෙනවා. 
ඒ නිසා ඉස්සර වගේ අඩු මුදලට බඩු මිලදී ගන්න පාරිභෝගිකයෝ පිටකොටුවට එනවා අඩුයි. බිස්නස් බෙදිලා ගිහින් තියෙන්නේ. ඕක තමයි වර්තමානයේ බිස්නස්වල තත්වය. 


ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

එක දවසක් බිස්නස් තිබ්බොත් අනිත් දවසට නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site