

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය කියන්නේ ඌවට උරුම වූ ලක්ෂණවලින් අනූන වූ අපූරු සරසවියකි. එමෙන්ම එහි උපාධි පාඨමාලාද පශ්චාත් උපාධි පාඨමාලාද ඩිප්ලෝමා සහ අනෙකුත් සහතික පත්‍ර පාඨමලා හුදෙක්ම සුවිශේෂය.
ව්‍යවසායකත්ව සංකල්පයට පණපොවන පරිදි නිර්මාණය වූ ආර්ථිකයට මෙන්ම සමාජයට අලුත්ම අගය එකතු කිරීමක් සිදුවන පරිදි මෙහි වටපිටාව දේශණය මෙන්ම එහි දේශකවරු මෙන්ම දරුදැරියන් යම් කිසි විනයකට යටත්ව මෙහි වැඩ කරන අපූරුව එයට කදිම ආදර්ශයකි.
වෙල්ලස්සට තව දුරටත් වැඩදායි දුවා දරුවන් රටට දායාද කිරීමේ අරමුණෙන් විවිධ සහතික පත්‍ර පාඨමාලා සහ ඩිප්ලෝමා උපාධි පාඨමාලා දුරස්ථ අධ්‍යාපන ඒකකය මගින් මෙහෙයවනු ලබයි. මෙහිදී කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව විශේෂිතය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ප්‍රථම ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් නොබෝදා ඉතා උත්කර්ෂවත් ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රයේ E1 දේශන ශාලාවෙදී විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෝලිත විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කළමනාකරණ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධනංජය නවරත්න, විවෘත හා දුරස්ථ ඉගැනුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් මහින්දරත්න යන මහත්වරු ඇතුඵ අනෙකුත් පීඨාධිපතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානින්ගේ සහ දේශකවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන ආරාධිත දේශනය බණ්ඩාරවෙල ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු සමීර අනුරාධ මහතා විසින් පවත්වන ලදී.
අධ්‍යාපන සහ ප්‍රායෝගික දැනුම කැටිකරගත් මෙම පාඨමාලා සහ සහතික පත්‍ර එම පළාතේ දුවා දරුවන්ගේ උන්නතියට මෙන්ම පළාතේ සමාජ ආර්ථික සංවර්ධනයට මහත් රුකුලක් වනු නොඅනුමානය.
මෙම පළාතේ සංචාරක කර්මාන්තය වැඩිදියුණුවට උරදෙන විශේෂ උපාධි පාඨමාලා මෙන්ම එහි ජනතාවගේ නායකත්ව ලක්ෂණ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රජා නායකත්ව ඩිප්ලෝමාව මෙන්ම ඉංග්‍රීසි භාෂා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ඉංග්‍රීසි පාඨමාලාද පාසල් හැරගිය දරුවන් වෙනුවෙන්ම නිර්මාණය කර තිබේ.
නාගරිකරණයෙන් ඔබ්බට ගොස් කළමනාකරණ දැනුම ලබාගත හැකි ඌව පළාතේ හොඳම තෝතැන්න ඌව වෙල්ලස්ස සරසවියයි.
එමෙන්ම විවිධ ජෛව විවිධතා විෂය පථ වෙනුවෙන් නිර්මාණය වූ විවිධ පාඨමාලාද නිර්මාණය කර ඇත.
දුරස්ථ අධ්‍යයන ඒකකය විසින් දැනටමත් ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධි පාඨමාලා (BBM), විද්‍යාවේදි උපාධි පාඨමාලා (BSC), සංචාරක ඩිප්ලෝමාව, උපදේශන මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව, කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා, පාසල් හැරගිය දරුවන් සඳහා ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලා මෙම ඒකකය මගින් මෙහෙය වනු ලැබේ.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ප්‍රථම ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ප්‍රදානය දා..