IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්

නිමල කොඩිතුවක්කු


උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 
ශ්‍රී ලාංකීය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගීතාව ඇති කර ගැනීම උදෙසා, ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ. යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීමෙන් ශ්‍රී ලාංකීය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළුව පශ්චාත් උපාධි හැදෑරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමටත්, ඒකාබද්ධ පර්‌යේෂණ  කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත.



අදහස් (0)

උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site