
යොහාන් භාසුර
ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි නඩත්තු කිරීමේ ආරක්‍ෂාව සහ ස්මාර්ට් යටිතල පහසුකම් සේවාවල නව පරිච්ජේදයක් ආරම්භ කරමින් උස ගොඩනැගිලි පිරිසුදු කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගැනීම Cloudborne පෞද්ගලික සමාගම පසුගියදා ආරම්භ කළේය.
උස ගොඩනැගිලි පිරිසුදු කිරීමට සහ නඩත්තු කිරීමට දශක ගණනාවක් යොදාගත් සාම්ප්‍රදායික මෙන්ම අධික වියදම් ක්‍රමවේදය වෙනුවට නව ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ආයතනවලට අවස්ථාව උදාවී තිබේ.
අඩු පිරිවැයකින් මෙම සේවාව ලබාගැනීමට අවස්ථාව පවතින අතර, අමතර වියදම් අඩුවීම, අවදානමක් දැරීමට සිදුනොවීම, ශ්‍රම පිරිවැය අඩුවීම නිසා කාලය ඉතිරිවීම සහ ආරක්‍ෂාව පිළිබඳව බියක් නොමැතිවීම ආදී ප්‍රතිලාභ රැසක් මෙමගින් ශ්‍රී ලාංකික ජනතාවට හිමිවන බව Cloudborne පෞද්ගලික සමාගම පැවසීය.
පිරිසුදු කිරීම් සඳහාම නිර්මාණය කර ඇති උසස් තාක්‍ෂණයෙන් සහ නවීණ පහසුකම්වලින් සමන්විත ඩ්‍රෝන යානා සහ උපාංග භාවිත කරන අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් රසායනික ද්‍රව්‍ය පමණක් පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට යොදාගැනෙන බවත්, පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලවලට අදාළව සහතිකයක් ද නිකුත් කරන බවත් එම සමාගම කීය.
ඩ්‍රෝන යානා හැසිරවීම සඳහා වෘත්තීය ඩ්‍රෝන නියමුවන් පමණක් යොදාගැනෙන අතර, ඔවුන් අදාළ විෂය පිළිබඳව පරිණත දැනුමක් සහ වෘත්තීය පළපුරුද්ද සහිත නියමුවන් බව කියන Cloudborne පෞද්ගලික සමාගම පැය 24 පුරා කියාත්මක මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇති බවත් එම සමාගමේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික ලුතිනන් කර්නල් රසික කහඳගමගේ මහතා පැවසීය.
උස ගොඩනැගිලි පිරිසුදු කිරීමට Cloudborne සමාගමෙන් ලංකාවේ පළමු වරට ඩ්‍රෝන තාක්‍ෂණය