සම්පත් සීමිත තරගකාරී පරිසරයක හොඳ අදහස් අසාර්ථක වන බැවින් දේශපාලන පක්ෂවලට, ජයග්‍රහණයේ උපරිම අවස්ථා සාදා ගන්නට ශක්තිමත් ක්‍රමෝපායක් අවශ්‍ය වේ. සෑම දිනකම, දෛනික ක්‍රියා පද්ධතියේ දී ඉහළම අවධානයක් ක්‍රියා හා ප්‍රතික්‍රියා කෙරේ යොමු වන විට ක්‍රමෝපාය නොපැහැදිලි වීම හෝ ක්‍රමෝපාය නොමැතිවීම හේතු කරගෙන දිශාගතවීමක් සිදු නොවන්නේය.
ෆ්‍රයිඩ්රිච් නෞමාන් පදනම පවසන ආකාරයට ‘‘රජයේ සිටියත් විපක්ෂයේ සිටියත්, දේශපාලන පක්ෂවලටත්, ඒවායේ නායකත්වයන්ටත්, ක්‍රමෝපාය සැලැස්මක් තිබීම මූලික නිපුණතාවක් වන්නේය.’’ ක්‍රමෝපාය සංවර්ධනය වෙනත් ආයතනයකට පැවරීම හෝ බාහිරින් ලබා ගැනීම කළ නොහැකිය. අනෙකුත් සාර්ථක දේශපාලන පක්ෂයන්ගෙන් එකම ක්‍රමෝපාය මූලාශ්‍රයක් හෝ කොපි කළ (අනුකරණය කළ) නොහැකිය. ක්‍රමෝපාය සැලසුම් කිරීම උදෙසා ඊටම ආවේණික නිපුණතාවක් තිබිය යුතුය. දේශපාලන නායකයන්ට ඔවුන්ටම ආවේණික ක්‍රමෝපාය වර්ධනය කර ගැනීමට, ක්‍රමෝපායන් උපාංග හා සංකල්ප රැගෙන ආ යුතු වේ. පාලනයේ සිටිනා දේශපාලන පක්ෂවලට කෙටිකාලීන අරමුණුවලට නිතරම අවධානය යොමු කරන්නට සිදු වූ විට ඔවුන්ගේ මධ්‍යම කාලීන හා දීර්ඝකාලීන ක්‍රමෝපායන් වර්ධනය කිරීමේලා අවාසිසහගත ලෙස බලපෑම් කරයි. කෙසේ වුවද යහපත් ලෙස කරන පාලනයක දී කෙටිකාලීන වාසි තකා දීර්ඝකාලීන අරමුණු කැප කෙරෙන්නේ නැත.’’ ක්‍රමෝපාය සැලසුම් නොමැතිකම මෙම තත්වයට දායක වනුයේ, දීර්ඝ කාලීන සැලසුම්වලට ඇති අවධානය අහිමි කරන ආණ්ඩුව තුළ වූ මාධ්‍යයක් ලෙස හා මහජන ආධිපත්‍යය තුළ වූ මාධ්‍යයක් ලෙසයි.
වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවට වඩා පැහැදිලි, වඩා නිශ්චිත ක්‍රමෝපාය වර්ධනයකින් ඒවා ක්‍රමෝපාය සැලසුමකට එක් කරගෙන කටයුතු කළ හැකි බව බොහෝ අය සිතනුයේ දැනට කෙටි කාලීන අර්බුද දෙසට යොමු වූ තත්කාර්ය (ඒ ඒ වෙලාවට යොදා ගන්නා) ක්‍රියාකාරකම්වල නියැළෙන සෙයක් පිටතට පෙනෙන බැවිනි.
2025 වසරේ ඉතිරි කාලය තුළ මැතිවරණ පැවැත්වීමක් සිදු නොවේ යයි බලාපොරොත්තු විය හැකිය. සය මසක් වයසැති ජාජබ රජයට දැන් ඉතිරි ධුර කාලය උදෙසා පරිපූර්ණ ක්‍රමෝපාය සැලැසුමක් ඉදිරිපත් කොට, ඊළඟ වසර පහ තුළ ඔවුන් කුමන ජයග්‍රහණයන් අත්කර ගන්නට ප්‍රයත්න දරන්නේ ද යන්න ගැන පැහැදිලි ගමනක්, මාර්ගයක් මහජනයාට පෙන්වා දිය හැකිය. එය ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු දේශපාලන දැක්ම පදනම් කොට සකසා ඒ අනුව හඳුනාගෙන ඇති ප්‍රමුඛතාවන්ට යොමුවන ආකාරයෙන් සැලසුම් කොට ඇත්තේ නම් මැනවි. මෙතෙක් ඉටු නොකළ පොරොන්දු නිසා මහජන බලවේගයන් ඒකරාශි වීම වළක්වා ගැනීමට එවැනි සැලසුමක් උපකාරි වන අතර රජයට තමන්ගේම ක්‍රමෝපාය සැලසුමකට අනුව කටයුතු කිරීමටත්, ඒ ඔස්සේ මග පෑදේ. හොඳින් කැටයම් යොදා සකස් කළ දීර්ඝ කාලීන දැක්මක් කථනයෙන් පමණක් ඉදිරිපත් කිරීම නොසෑහෙන බව සඳහන් කරනු වැටී. එවැනි දැක්මක් ක්‍රමෝපාය සැලැස්ම තුළ පිළිබිඹු විය යුතුය.
ක්‍රමෝපාය සැලසුම්කරණය යනු කුමක් ද?
අද වනවිට වර්තමාන රජය ඇතුළු ආණ්ඩු තීරණ ගැනීමේ ක්‍රියාදාමයට අදාළ විවිධ අභියෝගවලට මුහුණ දෙන අතර ඇතැම් පොදු අභියෝගයන්ට විනිවිද පෙනෙන සුළු බවට අදාළ අසීරුතා ද ඇතුළත් වේ. ජනතාවගේ හඬේ බහු විධ බව අගය කර එය පිළි ගැනීමට රජයේ විවෘත භාවය ඇති කර ගැනීමේ අභියෝගය ද පවතී. දේශපාලන හේතූන්ට අමතරව අන් මතවලට සවන් දීමේ දී අවශ්‍ය විවෘත භාවය හා විශේෂඥ දැනුම නැති බව වඩාත් කතා බහට ලක් වූ තම වෙනස ඇති කිරීම කෙරේ අවාසනාවන්ත ලෙස එය එක තැන ඇණහිටින බාධකයක් බවට පත්ව තිබේ. දෙවැනි අභියෝගය සම්බන්ධ වනුයේ ආයතනික ශක්තිය නොමැති වීමය. තීරණ ගැනීම උදෙසා අවශ්‍ය වන විශේෂඥ ඥානය යන්න එයින් හැඟවේ.
ප්‍රතිපත්ති සංවර්ධනයේලා අවම වශයෙන් කඩදාසි මත සටහන් කිරීම හෝ දේශපාලන ස්ථාපනය වගකිවයුතු වන අතර ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ නිලධාරි තන්ත්‍රයටයි. මෙම සංස්ථාපනයන් දෙකටම තම වගකීම් ඉටු කිරීම සඳහා විශේෂඥ දැනුම හා දක්ෂතාව නොමැති නම් එහි ප්‍රතිඵලය වනුයේ කෙටිකාලීන පියවරයන්ට අවධානය යොමු වීමය. එහිදී කෙටිකාලීන වාසි ලබා ගැනීමට විවිධ දේශපාලන අවශ්‍යතා මත පිහිටා ක්ෂණික ක්‍රියා මාර්ග ගැනීම හා ප්‍රතික්‍රියා කිරීම සිදුවේ.
එසේ වනුයේ ආණ්ඩුව සිය ක්‍රමෝපාය සැලසුම් සහ විවිධ මට්ටමේ ක්‍රියාකාරී සැලසුම්වලට අවශ්‍ය ක්‍රමවේද සම්බන්ධ මාර්ගෝපදේශ සකස් කිරීමට සහ තීරණ ගැනීම උදෙසා අවශ්‍ය අංග ඇතුළත් කිරීමට කාලය ගත කරන බැවින් විය හැකියි. ඒ ඔස්සේ සියලුම රටවැසියන්ට ඵලදායි බව සහ කාර්යක්ෂමභාවය ප්‍රදර්ශන කිරීම වඩාත් ශක්තිමත්ව කළ හැකිය.
ජාතික ප්‍රජාතාන්ත්‍රික ආයතනය (National Democratic Instiute) පවසන ආකාරයට ප්‍රබල අරුතින් ගත කළ සැලසුම්කරණය යනුවෙන් අදහස් වන්නේ, අරමුණුවලට ළඟාවීම සඳහා වර්තමානයේ සිට අනාගතයට ඇති මාර්ගය චේතනාන්විතව සොයා යෑමය. සැලසුම් කිරීම යනුවෙන් අනාගතය උදෙසා වූ විකල්පයන් නිර්මාණය කර ගැනීම, ඒ කරා ළඟාවීමට අවශ්‍ය මාර්ගයන් හඳුනා ගැනීම දැක්වෙන අතර ක්‍රමෝපාය සැලසුම් කරණයේ දී සැලසුම්කරණයේ නිශ්චිත ස්වභාවය ගැබ් වී තිබේ. කෙසේ වුවද එය ක්‍රමෝපාය ස්වභාවයේ විවිධ විකල්පයන් දැන ගැනීමට කරන විශ්ලේෂණාත්මක කර්තව්‍යයට අදාළ වැඩි වූ ඉල්ලුම හා ඉහත කී තත්වයන් තුළ තර්කාන්විතව ප්‍රශස්තම මට්ටමෙන් අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය පමණට ප්‍රතිපාදන වෙන් කිරීම ද ඇතුළත් වේ. ප්‍රායෝගික වශයෙන් ක්‍රමෝපාය සැලැස්ම යන්න නිර්මාණය වන්නේ තමන්ගේ වර්තමාන ක්‍රියාකාරකම් සහ අනාගත පරිසර වෙනස්කම්වලට හැඩ ගැසීමටත්, ඉල්ලීමට සරිලන ලෙසත් සහ හොඳම කාර්යක්ෂමභාවය, ඵලදායිතාවය හා ඔවුන් විසින් සපයනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවල ගුණාත්මක බව වඩාත් හොඳින් ඇති කර ගැනීමටත්, ඔවුන් අනුගමනය කළ යුතු ගමන් මාර්ග මත පදනම්ව යම් සංවිධානයක් තීරණ ගැනීමට ඉවහල් කරගන්නා කළමනාකරණ උපකරණයකි’’ යනුවෙනි.
ක්‍රමෝපාය සැලසුම් යනු ආණ්ඩු ඇතුළු ආයතනයන් විසින් ඔවුන්ගේ අරමුණු මුදුන් පත් කර ගැනීම පිණිස අවශ්‍ය විශේෂිත ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් ප්‍රමුඛතාව දිය යුතු අංග ආදිය ඇතුළත් කර සකස් කළ ප්‍රධාන දීර්ඝකාලීන අරමුණ විස්තර කෙරෙන පරිපූර්ණ ලේඛනයන්ය.
වර්තමාන රජය ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ ක්‍රම වෙනසක් ඇති කිරීම බව නිරන්තරව ප්‍රකාශ කර තිබේ. එම කාර්යය, ආණ්ඩුවටත්, එහි අමාත්‍යාංශ වලටත් ක්‍රමෝපාය සැලැස්මක් හඳුන්වා දී එය වර්ධනය කිරීමෙන් ආරම්භ කළ හැකිය. ඒවා මහජනතාවට දැනගන්නට මාර්ගගතව තිබිය යුතු වන අතර මහජනතාවට ඒවායේ ප්‍රගතිය පරීක්ෂා කිරීමේ හැකියාව තිබිය යුතු වේ. එමගින් ජනතාව වෙත ඇති වගවීම හොඳින් තහවුරු කොට පවත්වාගෙන යා හැකිය.
ආණ්ඩුවක හෝ ආයතනයක ශක්තිය, දුර්වලතා අවස්ථා, තර්ජන ආදිය විශ්ලේෂණයට ලක් කෙරෙන SWOT විශ්ලේෂණය මගින් ක්‍රමෝපාය සැලැස්මක වර්ධනය ඇගයුම් කර ගත හැකිය.
ක්‍රමෝපාය සැලසුමක ප්‍රධාන මූලිකාංගවලට පහත සඳහන් දෑ අයත් වේ.
දැක්ම - රජය හෝ රාජ්‍ය ආයතනයන්ට පස් වසරකින් පසු කිවයුතු දේ පිළිබඳ පැහැදිලි චිත්‍රයකි.
මෙහෙවර - අරමුණ සහ එම දැක්ම කරා කෙසේ ළඟා වන්නේ ද යන්න ගැන සවිඥානක ප්‍රකාශයක්.
අරමුණු - ඉලක්ක ගත ජයග්‍රහණ තුළ පවතින මිනිය හැකි පුළුල් අරමුණු.
ක්‍රමෝපාය – අරමුණුට ළඟාවීම සඳහා භාවිත ක්‍රියාත්ම සැලැස්ම හෝ අධිසාධන ප්‍රවේශයන්.
ක්‍රියාකාරි සැලසුම ක්‍රමෝපාය ක්‍රියාවට නැගීම සඳහා වූ ක්‍රියාදාමයන් පියවරේන පියවර සවිස්තරව සඳහන් කිරීම.
ඇස්තමේන්තුගත අයවැය වෙන් කිරීම් ක්‍රමෝපායන් ක්‍රියාකාරි සැලැස්මේ අංග උදෙසා.
වගකීම් පැවරෙන ප්‍රධාන පුද්ගලයන් හෝ ආයතන හඳුනා ගැනීම. සෑම ක්‍රමෝපායක්ම ක්‍රියාවට නැගීම හා සැලසුමේ හඳුනාගත් ක්‍රියාකාරකම්වලට වගකියන්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම
දැනට පවතින ක්‍රමෝපාය සැලසුම්කරණ
ඇතැම් රාජ්‍ය ආයතනයන්ට ක්‍රමෝපාය සැලසුම් තිබෙන මුත්, බොහෝ ඒවායේ සැලසුම් නිමාවෙන දිනවලට ළංව ඇත. ඒවා තවදුරටත් පවතින ඒවා නොවේ.
යාවත්කාලීනව හොඳින් ගොඩනගා පවත්වාගෙන සැලසුම් ඇත්තේ ස්වල්පයකි. ඩිජිටල් ශ්‍රී ලංකා 2030, ජාතික ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030තාක්ෂණික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුවේ ක්‍රමෝපාය සැලැස්ම 2024 - 2028 ඉන් කිහිපයකි. නාගරික සංවර්ධන අධිකාරියේ 2018-2022 හොඳින් ගොඩනැගූ සැලැස්මක් වන අතර දැන් එය යාවත්කාලීන කළ යුතුව තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 2022 - 2030 කාලයට ක්‍රමෝපාය සැලැස්මක් තිබෙන මුත් එය අසම්පූර්ණ සෙයක් පෙනේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවට, ක්‍රමෝපාය සැලැස්මක් තිබෙන අතර මේ වන විට 2023-2027 පස් අවුරුදු ක්‍රියාත්මක සැලැස්ම සිදුවෙමින් පවතී. එයින් ඉලක්ක කර ඇත්තේ 2027 ශ්‍රී ලංකාවේ අපනයන ඩො. බිලියන 31.3 දක්වා නැංවීමයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ක්‍රමෝපාය සැලැස්ම 2025 දී නිමාවට පත්වීමට නියමිත වන අතර අළුත් සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පියවර නොගතහොත් රටේ සහ රජයේ වඩාත් තීරණාත්ම ආර්ථික ක්‍රමවලින් එකක් වූ මෙයට 2029දී සංචාරකයන් මිලියන 5ක් ගෙන්වා ගැනීම සඳහා වූ ප්‍රකාශිත අරමුණට ළඟාවන්නට සිදු වනුයේ නිසි ක්‍රමෝපාය සැලැස්මක් නොමැතිවය.
සංචාරක ව්‍යාපාරය හැරුණු කොට රටේ අපනයන වැඩිකළ යුතුය. ආනයනික ආහාර අංග අඩු කිරීම හා කාර්මික භාණ්ඩ ආනයන ආදේශන ක්‍රමෝපායකින් අඩු කළ යුතුවේ. එසේම සෞඛ්‍යමය සංචාරක ව්‍යාපාරය, ගොල්ෆ් හා බැඳුණු සංචාරක කටයුතු තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීම ආදී සාම්ප්‍රදායික නොවන අනෙකුත් කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතුවේ. මේ සියල්ල මධ්‍යකාලීන සිට දීර්ඝ කාලීන වූ ව්‍යාපෘති විය යුතු වන අතර ඒවා අදාළ අමාත්‍යාංශවල ක්‍රමෝපාය සැලසුම්වලට ඇතුළත් විය යුතුය.
දැනට පවතින බොහෝ ක්‍රමෝපාය සැලසුම් වර්තමාන රජය ගොඩ නැගීමට ප්‍රථම සැලසුම් කළ ඒවා ලෙස පෙනී යයි. අවම වශයෙන් තවත් පස් වසරකට පැවැති සැලසුම් සකස් කර පවත්වා ගැනීම එක් එක් අමාත්‍යාංශයට අදාළ ප්‍රධාන ආයතන විසින් කළ යුතු වේ.
එක් එක් අමාත්‍යාංශවල ක්‍රමෝපාය සැලසුම් මෙතැන් සිට තුන් වසක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹීම කළ යුත්තේ මේ වන විටත් රජය ගොඩනගා හය මසක් ගෙවී ඇති බැවිනි. දැනට පවතින යාවත්කාලීන නොකළ සැලසුම් 2025 - 2030 සඳහා යාවත්කාලීන කර සකස් කිරීම වඩාත් යෝග්‍ය වේ.
මෙම සැලසුම් ක්‍රමවත්ව පවත්වා ගැනීමෙන් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්වී මහජනතාව ඇතුළු ආයෝජකයන්ගේ මානසිකත්වය පරිවර්තනයකට ලක් වනු නියතය. එයින් වඩාත් සැලකිලිමත්ව හා වඩාත් වගකියන ආකාරයෙන් දේශපාලන පොරොන්දු ඉටුකළ හැකි වේ. රට තවමත් මූල්‍ය අස්ථාවර භාවයේ පවතින අතර මෙම මධුසමය 2028 දක්වා ගතකළ හැකිය. ණය ගෙවන කාලය එළඹෙන නිසා වැඩියෙන් උපයාගෙන, අඩුවෙන් වියදම් කොට ණය ගෙවීම සඳහා සූදානම් විය යුතු වේ. එසේ කළ යුතු වන්නේ ක්‍රමෝපාය සැලසුමක් හරහාය. කළමනාකරණ සංස්කෘතිය හා කළමනාකරණ ක්‍රමවේද වෙනස් කිරීම ක්‍රම වෙනස් කිරීමකට අත්‍යාවශ්‍ය වූ වැදගත් මූලිකාංගයකි. වඩාත් සැලසුම් සහගත පාලන මොඩලයකට විකල්ප වශයෙන් හැඩ ගැසෙන්නට අනෙකුත් දේශපාලන පක්ෂ පවා සූදානම් විය යුතුය.
‘‘එකම දේ යළි යළි කරමින් වෙනත් ප්‍රතිඵලයන් බලාපොරොත්තු වීම’’ ඇල්බට් අයින්ස්ටයින් කී ලෙස නිරර්ථක ක්‍රියාවකි.
2025/5/31 Daly FT හි පළවූ රාජ් ගොන්සල් කෝරළේ ලියූ System Change Through Transformation of Strategic Vision to Strategic Planhing ලිපියේ පරිවර්තනයකි.
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
උපායමාර්ග දැක්මකින් උපායමාර්ගික සැලසුම්