IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


උද්ධමනය ටිකක් පහළට -

විමුක්ති එස් රුද්‍රිගු

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

පසුගිය මැයි මාසයේදී මෙරට උද්ධමනය සියයට 0.6 ක් ලෙස වාර්තා වූ බවත් ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 කින් පහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 4.2 ක් දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය මැයි මාසයේදී මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 5.9 ක් ලෙස වාර්තා විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ 2.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මැයි මාසයේදී සෘණ 3.4 ක් වූවේය.



අදහස් (0)

උද්ධමනය ටිකක් පහළට -

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site