IMG-LOGO

2026 නොවැම්බර් මස 30 වන සඳුදා


උත්සව සමයට Sampath Cards වෙතින් සියයට 60 ක් දක්වා වට්ටම් සමගින් සුවිශේෂී ප්‍රතිලාභ

එළැඹෙන නත්තල් සහ අලු‍ත් අවුරුදු උත්සව සමය වඩාත් වාසිදායක කාලසීමාවක් බවට පත් කරමින්, Sampath Cards මගින් සියලු‍ම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා සියයට 60 ක් දක්වා සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වා දී තිබේ. 2026 නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන, පුළුල් වෙළෙඳසල් ජාලයක් ඔස්සේ විවිධ භාණ්ඩ හා සේවා සඳහා ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. ඒ අනුව සිය වියදම් ඵලදායීව කළමනාකරණය කර ගනිමින් උත්සව සමයේ සතුට හා විනෝදය උපරිමයෙන් අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වනු ඇත. 
‘A Season Better Spent’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඇඟලු‍ම් හා විලාසිතා, තෑගි භාණ්ඩ, සුවතා නිෂ්පාදන හා අත් ඔරලෝසු, පාවහන්, අන්තර්ජාල සාප්පු සවාරි, ඇස් කණ්ණාඩි, ළදරු හා ළමා නිෂ්පාදන, ගෘහ උපකරණ සහ ගෘහ නඩත්තු නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික හා ගෘහ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, සුපිරි වෙළෙඳසල්, ස්වර්ණාභරණ සහ අවන්හල් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය පරිදි සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් පිරිනැමේ. තම ආදරණීයයන් වෙනුවෙන් තෑගි භෝග මිලදී ගැනීමේ සිට උත්සව සමය වෙනුවෙන් නිවෙස් සූදානම් කිරීම, ආහාරපාන රසවිඳීම, සාප්පු සවාරි සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් දක්වා වූ විවිධ අවශ්‍යතා සපුරාලීමට මෙම දීමනා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. 
මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී චිරාත් සමරසේකර මහතා මෙසේ පැවසීය. “උත්සව සමය යනු පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමග සතුට බෙදාගනිමින් සොඳුරු මතකයන් එක්කරගන්නා සුවිශේෂී කාලයක්. ඒ වගේම තමන් වැය කරන මුදලට උපරිම ප්‍රතිලාභයක් ලබා ගැනීමට පාරිභෝගිකයන් වැඩි අවධානයක් යොමු කරන කාලයක් බවත් අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. මෙවර Sampath Cards මෙම ප්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ එම අත්දැකීම් වැඩිදුරටත් ප්‍රතිලාභදායී කිරීමේ අරමුණින්. අපගේ පුළුල් හවුල්කාර වෙළෙඳ ජාලය හරහා විවිධ භාණ්ඩ හා සේවා කාණ්ඩ රැසක් ආවරණය වන පරිදි සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. උත්සව සමය පුරා Sampath Cards පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම ගෙවීම් තේරීමක් බවට පත් කරමින් ඔවුන්ට සැබෑ වටිනාකමක් ලබාදීම අපගේ අරමුණයි.” 
සියලු‍ම සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා විවෘත මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, වෙළෙඳ ආයතන රැසකින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සුවිශේෂී ඉතුරුම් සහ දීමනා අත්විඳීමට අවස්ථාව සැලසෙන අතර අදාළ වට්ටම් සහ දීමනා වෙළෙඳ ආයතනය, භාණ්ඩ හෝ සේවා කාණ්ඩය සහ භාවිත කරන කාඩ්පත් වර්ගය අනුව වෙනස් විය හැකිය. 



අදහස් (0)

උත්සව සමයට Sampath Cards වෙතින් සියයට 60 ක් දක්වා වට්ටම් සමගින් සුවිශේෂී ප්‍රතිලාභ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site