
වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නට නම් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය.
|
මේ දවස්වල බිස්නස් අඩුයි. සෑම වසරකම පෙබරවාරි මාසය කියන්නේ බිස්නස් අඩු මාසයක්. ආපහු බිස්නස් එකක් තියෙන්නේ මාර්තු දෙවැනි සතිය විතර වගේ වෙද්දී. රාමසාන් උත්සව සමයත්, සිංහල අලුත් අවුරුදු සීසන් එකත් එක්ක තමයි ආපහු බිස්නස් එකක් තියෙන්නේ. |
ඉන්දියාවෙන් ආනයනය කරන පෝසිලේන් මේස උපකරණ කට්ටල තමයි අපි අලෙවි කරන්නේ. එළඹෙන උත්සව සමයේ බිස්නස් හොඳ මට්ටමක පවතී කියන විශ්වාසයෙන් භාණ්ඩ තොගයක් මේ වෙද්දී ආනයනය කරලා තියෙන්නේ. එම භාණ්ඩ තොග රේගුවෙන් නිදහස් වීමට නියමිතයි. පාරිභෝගිකයාගේ රුචිකත්වය සහ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නව පන්නයේ පෝසිලේන් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. තොග වෙළෙන්දන්වන අපි එළඹෙන උත්සව සමයට හොඳ සූදානමකින් තමයි ඉන්නේ.
උත්සව සමයේ බිස්නස් හොඳ වේවි දෙවැනි හරස්වීදියේ අර්බි වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික කමල් විතානගේ