විමුක්ති එස් රුද්‍රිගු
මැද පෙරදිග මතුව තිබූ අස්ථාවරත්වය හමුවේ නැවත ඊශ්‍රායලයට යෑමේ බලාපොරොත්තුවෙන් ඒ සඳහා වීසා ලබාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ නැවත ඇතුළත් වීමේ වීසා ජූලි 31 වැනිදා තෙක් දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් නැවත ඊශ්‍රායලයට යෑමේ බලාපොරොත්තුවෙන් ඒ සඳහා වීසා ලබාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ලබාගත් එම වීසා කාලය කල් ඉකුත් වූවද නැවත ඊශ්‍රායලයට ඇතුළත් විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. සටන් විරාමයට එළැඹීමත් සමග ඊශ්‍රායලයට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වී තිබෙන බැවින් මෙරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් රැකියා සඳහා ඊශ්‍රායලයට පිටත්විය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල් රැකියාවලට යළි යන්න අවස්ථාව