IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල - ඉරාන ගැටුමෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ සන්ධ්‍යාව වනවිට ඩොලර් 74.23ක් දක්වා ඩොලර් 4.87 කින් එනම් සියයට 7.02 කින් ඉහළ ගොස් තිබුණි. 
එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.98ක් දක්වා ඩොලර් 4.94 කින් එනම් සියයට 7.26කින් ඉහළ නැග තිබේ. පෙරේදා රාත්‍රියේදී දෙරටම එල්ල කරගත් මිසයිල ප්‍රහාර මාලාවත් සමගින්ම තත්වය වඩාත් දරුණු වී තිබේ. මෙම ගැටුම් තවදුරටත් පැවතියහොත් බොරතෙල් මිල තවත් ඉහළ යා හැකි බවටද අනතුරු ඇඟවී ඇත. ලෝකයේ බොරතෙල් සංචිතයෙන් සියයට 9ක් ඉරානය සතුව පවතින බව සදහන් වෙයි. එසේම ලොව ප්‍රධානතම බොරතෙල් ප්‍රවාහන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවටද ඉරානය තර්ජනය කර තිබේ.

 



අදහස් (0)

ඊශ්‍රායල - ඉරාන ගැටුමෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site