IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


ඊ.බී. ක්‍රීසි සහ සමාගම ඩාර්ලි බට්ලර්හි රු. මිලියන 500ක් ආයෝජනය කරයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊ.බී. ක්‍රීසි සහ සමාගම සිය පරිපාලිත සමාගමක් වන ඩාර්ලි බට්ලර් සහ සමාගම තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් කළ බව පවසයි. පසුගිය දෙසැම්බර් 24 වැනිදා මෙම ආයෝජනය සිදු කර තිබේ. මෙහිදී එම සමාගම ඩාර්ලි බට්ලර් සහ සමාගමේ සාමාන්‍ය කොටස් 2,393‍,490ක් කොටසක් රුපියල් 208.90ක මිලකට මිලදී ගනිමින් මෙම ආයෝජනය සිදු කර තිබෙන බව සඳහන් වෙයි.
මෙම මුදල් මගින් ඩාර්ලි බට්ලර් සහ සමාගම සතු කෙටි කාලීන ණය පියවීම සඳහා යොදාගන්නා බවත්, ඒ හරහා සමාගමේ පොලී වියදම් අඩු කිරීමට කටයුතු කරන බවත් ඊ.බී. ක්‍රීසි සහ සමාගම පවසයි. එසේම ඩාර්ලි බට්ලර් සහ සමාගමේ ස්ථානය තවදුරටත් දියුණු කිරීමටද එය යොදා ගත හැකි බවත්, එය සමාගමේ ලාබදායීත්වය ඉහළ නංවාගැනීමට සහ සමූහයේ ශේෂපත්‍රය ශක්තිමත් කරගැනීමටත් අවස්ථාව ලබා දෙනු ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

ඊ.බී. ක්‍රීසි සහ සමාගම ඩාර්ලි බට්ලර්හි රු. මිලියන 500ක් ආයෝජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site