
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ සමාගමක් වන ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති Responsible Care Excellence Awards 2025 හිදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය.
මෙහිදී සියලු කාණ්ඩ ආවරණය කරමින් ප්ලැටිනම් සම්මානයක් දිනාගැනීමට සමත් වූයේ ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පමණක් වීම විශේෂත්වයකි. වගකීම් සහගත, සුරක්ෂිත සහ තිරසාර නිෂ්පාදන ක්‍රීයාවලි අනුගමනය කිරීම සම්බන්ධයෙන් එම සමාගම විශිෂ්ට ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙමගින් තහවුරු වේ.
Lanka Responsible Care Council (LRCC) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර The Barnhouse හිදී පැවැත්විණි. International Council of Chemical Associations (ICCA) හි Responsible Care Leadership Group උපදේශක බැරී ඩයර් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
ඊ. බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ප්ලැටිනම් සම්මානයක්
Ajith Ceymac Monday, 27 April 2026 02:11 PM
හොද සාර්ථකත්වයක්... ටීම් වර්ක් එකක්...