IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ඉම්රාන් ෆුර්කාන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මොහොමඩ් ඉම්රාන් ෆුර්කාන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අගෝස්තු 29 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. 

ඉම්රාන් මහතා ඔස්ට්‍රේලියාවේ Tresync සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඒ මහතා ක්‍රමෝපාය, වෙළෙඳපොළ පුළුල්කරණය මෙන්ම භූදේශපාලනය, ආර්ථිකය, දේශගුණය සහ තාක්ෂණික අවදානම් කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල වෙත සහ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත උපදෙස් දීමේ නිරත වන බවත් පැවසෙයි. අද වනවිට ඉම්රාන් මහතා සොෆ්ට්ලොජික් සමූහයට අයත් ඔඩෙල් පීඑල්සී, ආසිරි හෙල්ත් සහ ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී යන සමාගම්වල මෙන්ම මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගමෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. 



අදහස් (0)

ඉම්රාන් ෆුර්කාන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site