IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සැසිය හෙට සිංගප්පූරුවේදී


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොටස් තැරැව්කාර සමාගම් එක්ව සංවිධානය කරති. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සැසිය හෙට (12) සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

මේ වසරේ මාර්තු මාසයේදී මෙරට සාර්ථක ලෙස පැවැත්වුණු විදෙස් ආයෝජන සමුළුවෙන් අනතුරුව මෙය සංවිධානය කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. 

සිංගප්පූරු ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සැසිය පළමුවරට පැවැත්වුණේ 2018 වසරේදීය. 

විශේෂයෙන්ම රට වෙත හිමිවන විදෙස් ආයෝජන තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සැසිය පැවැත්වීමේ අරමුණ වී තිබේ. මෙම අවස්ථාව සඳහා සහභාගිවීමට දැනටමත් 150 දෙනකුට අධික පිරිසක් ලියාපදිංචිවී ඇතැයිද පැවසෙයි. 

මෙම සැසිය සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හරින්ද්‍ර දිසාබණ්ඩාර, CDS (පෞද්) සමාගමේ සභාපති රේ අබේවර්ධන සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක යන මහත්වරුන් සහභාගිවීමට නියමිතව තිබේ. 

එසේම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රධානතම සමාගම් 11ක්ද මෙම සැසිය සඳහා සහභාගී වන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. 

 



අදහස් (0)

‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සැසිය හෙට සිංගප්පූරුවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site