IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ ඩිමෝ අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ 


ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී (ඩිමෝ) සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

වික්‍රමසිංහ මහතා සතුව දේශීය මෙන්ම බහුජාතික සමාගම් තුළත් මූල්‍ය සේවාවන්හි සහ වේගයෙන් අලෙවි වන භාරිභෝගික භාණ්ඩ අංශයන්හි වසර 36කට අධික කාලයක කළමනාකරණ අත්දැකීම් සහිත බව පවසයි. යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර නවයක් කටයුතු කළ ඒ මහතා 2024 අගෝස්තු මාසයේදී ඉන් විශ්‍රාම ගියේය. 

ඊට පෙර ඒ මහතා NDB බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. අද වනවිට ඒ මහතා AIA ඉන්ෂුවරන්ස් ලංකා, NDB සෙකිරියුටීස්, ෆින්ට්‍රකේස් ෆිනෑන්ස්, ත්‍රී ඒකර්ස් ෆාම්ස් පීඑල්සී, සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී, සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී, කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඞ් බිල්ඩින්ග් පීඑල්සී සහ ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.



අදහස් (0)

ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ ඩිමෝ අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site