IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


ඉන්දිරා මල්වත්ත සැම්සන් ඉන්ටර්නැෂනල් සභාපති ධුරයට

භානුක අමරසිංහ


සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමූහයේ නව සභාපතිවරිය ලෙස චන්ද්‍රාකාන්ති ඉන්දිරා මල්වත්ත මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. පෙබරවාරි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඇය එම සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කළාය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ පළමු කාන්තා සභාපතිනිය ලෙසත පත්වීම් ලැබූ ඉන්දිරා මල්වත්ත මහත්මිය සතුව රජයේ මෙන්ම ජාත්‍යන්තරවලද අපනයන ප්‍රවර්ධන වෘත්තිය සම්බන්ධයෙන් වසර 40කට වැඩි අත්දැකීම් සහිත බවත් සඳහන් වෙයි. ඉන්දිරා මල්වත්ත මහත්මිය මේ වනවිට කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි මෙන්ම කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි.



අදහස් (0)

ඉන්දිරා මල්වත්ත සැම්සන් ඉන්ටර්නැෂනල් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site