IMG-LOGO

2026 ජනවාරි මස 19 වන සඳුදා


ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ලංකා බැංකුව සමග එක්ව “අත්වැල”‍ වැඩසටහන හඳුන්වා දෙයි

 


වාහන අලෙවියේ වසර 50 කට වැඩි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයතම මෝටර් රථ අලෙවි සමාගමක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම, ජාතියේ පහන් ටැඹ ලෙස හැඳින්වෙන ලංකා බැංකුව (BOC) සමග එක්ව, පාරිභෝගික පහසුව මූලික කරගනිමින් නිර්මාණය කරන ලද “අත්වැල” නමින් වූ විශේෂ වැඩසටහනක් පසුගියදා හඳුන්වා දෙන ලදී.
පාරිභෝගිකයන් මුහුණ දෙන මූල්‍ය අභියෝග සහ මෝටර් වාහනමිලදී ගැනීම හා සේවා ගැටලු‍ සරල කරමින්, ඔවුන්ට අවශ්‍ය සහය ලබාදීම අරමුණු කරගත් මෙම “අත්වැල” මානුෂීය සංකල්පය, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම දශක ගණනාවක් පුරා විශිෂ්ට සේවාවක් සපයමින් පාරිභෝගිකයන් සමග ගොඩනගා ගත් විශ්වසනීය සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහනක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන සඳහා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සමග අත්වැල් බැඳගන්නා ලංකා බැංකුව (BOC), ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන අතර, දිවයින පුරා පැතිරුණු ශාඛා ජාලයක්, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ වෙළෙඳපොළේ හොඳම පොලී අනුපාත ලබාදෙන මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වේ.
“අත්වැල” සංකල්පය යටතේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවන අතර, ඒ අතර සේවා ගාස්තු රහිත පහසුකම්, මෝටර් රථ සඳහා විශේෂ දීමනා, අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම් ඇතුළත් වේ. එමෙන්ම, මෝටර් රථ නඩත්තු කටයුතු අන් කවරදාටත් වඩා පහසු කර ගැනීම සඳහා, ලංකා බැංකුව (BOC) විසින් සපයන සුවිශේෂී මූල්‍ය සහය ලබා ගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සහ ලංකා බැංකුව (BOC) අතර මෙම සහයෝගීතාව, ආයතන දෙකටම පොදු වූ දැක්මක් යථාර්ථයට පරිවර්තනය කරන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර, විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේදවලදී, සාමාන්‍ය පාරිභෝගික සේවාවෙන් ඔබ්බට ගොස්, පාරිභෝගිකයන්ගේ විශ්වාසනීය හිතවතෙකු සහ හවුල්කරුවකු ලෙස ඔවුන්ට සවිය වීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සතු පුළුල් අත්දැකීම් සහ උසස් පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, ලංකා බැංකුවේ (BOC) ශක්තිමත් මූල්‍ය පදනම සහ පහසු ප්‍රවේශය සමග එක්ව, නිර්මාණය කළ “අත්වැල” වැඩසටහන, පාරිභෝගිකයන්ගේ ජීවිතවලට අර්ථවත් පහසුවක් එක් කරනු ඇති බවට එම ආයතන විශ්වාසය පළ කරයි.
මෙහිදී අදහස් දක්වමින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා මෙසේ සඳහන් කළේය.
“අද අප සඳහා ඉතාමත් විශේෂිත දිනයක්. වසර පහක් දශකයකට වැඩි කාලයක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වූ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම ලෙස, ලංකාවේ විශාලතම බැංකුව සමග අත්වැල’ නමින් ගිවිසුමකට එළඹීමට හැකි වීම අපට මහත් ගෞරවයක්. මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට ලීසිං පහසුකම් ඇතුළු විවිධ මූල්‍ය සහ සේවා පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. කුඩාම වාහනයේ සිට විශාලම වාහනය දක්වා ආනයනය කරන සමාගමක් ලෙස, දිවයින පුරා පිහිටි අපගේ වාහන අංගන හයක් හරහා පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනෑම වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. අප සතුව නොමැති වාහනයක් වුවද, පාරිභෝගික අවශ්‍යතාව අනුව ආනයනය කර ලබාදීමට අප සූදානම්. සියලු‍ම පාරිභෝගිකයන්ට ‘අත්වැල’ සමග අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කරනවා.”



අදහස් (0)

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ලංකා බැංකුව සමග එක්ව “අත්වැල”‍ වැඩසටහන හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site