IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් Pinnacle සම්මාන දිනයි

මාතර පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික දන්ත රෝහලක් වන ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දන්ත රෝහල ලෙස සම්මාන ලැබුවේය. ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සන්ද්‍යානි අමරසිංහ මහත්මිය වෙත හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සම්මානය පිරිනමන ලදී. 
2013දී ඇරැඹුණු IDC රෝහල දිවයින පුරා රෝගීන්ට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයන විශිෂ්ට දන්ත රෝහලක් ලෙස කීර්තියක් දිනා ඇත. ශ්‍රී ලාංකික රෝගීන්ට අමතරව අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල රෝගීහුද ගුණාත්මක දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට එහි පැමිණෙති. 
මෙම ජයග්‍රහණය මට වාගේම මගේ කාර්ය මණ්ඩලයටත් විශාල ආඩම්බරයක්. අප හැම දෙනාගේම උත්සාහය කැපවීම හා රෝගීන් අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා අපට මේ සම්මානය ලැබුණා.” අමරසිංහ මහත්මිය පැවසුවාය. 



අදහස් (0)

ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් Pinnacle සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site