භානුක අමරසිංහ
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අනුව පවසයි.
මාසික ප්‍රතිචාර 35ක් පමණ ආවරණය වන පරිදි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව ඇති ඉහළම ශ්‍රේණිගත දේශීය ඉදිකිරීම් සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි. ඒ අනුව මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව වාර්තා කර තිබේ.
ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්වය මත පවතින හිතකර ආර්ථික වාතාවරණය ඊට හේතුව වී තිබේ. එසේම නව ඇණවුම් දර්ශකයද මාර්තු මාසයේදී වර්ධනය වී තිබේ. කෙසේ වුවද, දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් කුඩා පරිමාණයේ ව්‍යාපෘති බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත.
තවද, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනයට සමගාමීව මාසය තුළ තොග මිලදී ගැනුම් දර්ශකය ඉහළ ගොස් ඇත.
ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට