IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක්

විමුක්ති එස්. රුද්‍රිගු


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පසුගිය ජූලි මාසයේදී දර්ශකාංක 60.0 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
එහිදී නව ඇණවුම් පසුගිය ජූලි මාසයේදී දර්ශකාංක 58.6 දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් ඇති අතර, සේවා නියුක්තිය දර්ශකාංක 50 කඩයිම් මට්ටම දක්වා පහළ ගොස් ඇත. එසේම තොග මිලදී ගැනුම් දර්ශකාංක 52.9 දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දර්ශකාංක 51.4 දක්වා සමාන වේගයකින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site