භානුක අමරසිංහ
මේ වසරේ අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය) 41.4ක අගයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේදී එය 54.3ක අගයක් ගෙන තිබුණි.
ඒ අනුව මෙය පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවැති රටාව යළිත් පෙන්නුම් කළ අවස්ථාවක් බවත් මහ බැංකුව සඳහන් කරයි. අලුත් අවුරුදු සැමරුම් හේතුවෙන් සිය ඉදිකිරීම් ස්ථාන බොහෝමයක් මාසය තුළ දිගු කාලයක් තාවකාලිකව වසා දමා තිබීම ඊට හේතුව ලෙස අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් පෙර වසරේ අප්‍රේල් මාසයේ වාර්තා වූ 31.9ක අගය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේ පහත වැටීම සාපේක්ෂව අඩු මට්ටමක් ලෙස සැලකෙයි. මෙලෙස අප්‍රේල් මාසය තුළ ඉදිකිරීම් පහත වැටීම හේතුවෙන් සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් පිළිවෙළින් 35.7ක් සහ 37.1ක් දක්වා පහත වැටී තිබේ. මාර්තු මාසයේදී මෙම අගයන් පිළිවෙළින් 48.5ක් සහ 54.4ක් ලෙස පැවතුණි.
එසේම ඉහළ නිවාඩු දින සංඛ්‍යාව හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පිළිබඳ දර්ශකය 52.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාර්තුවේදී එය 51.4 ක් ලෙස සටහන් විය.
ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේදී පහළට