IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරයි

භානුක අමරසිංහ


මේ වසරේ සැප්තැම්බර් මාසයේදීත් ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරමින්, එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අගෝස්තු මාසයේ පැවැති ඒකක 61.1 සිට 67.6ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම ලෙසත් සැලකෙයි.
විශේෂයෙන්ම ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතිම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා තිබීම මේ සඳහා හේතු ලෙස ඊට ප්‍රතිචාර දැක්වූවන් සටහන් කළ බව මහ බැංකුව පවසයි. 
මෙහිදී මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළත්ව විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගත හැකි වෙමින් පවතින බව වාර්තා වීම මේ සඳහා හේතුව වී ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව නව ඇණවුම් දර්ශකය අගෝස්තු මාසයේ පැවැති 59.7 සිට සැප්තැම්බර් මාසයේදී 68.9ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යාමක් සටහන්ව තිබේ. එසේම ඉදිකිරීම් අංශය සඳහා ධනාත්මක අපේක්ෂා ඇති කරමින් සේවා නියුක්තිය අගෝස්තු මාසයේ පැවැති ඒකක 52.8 සිට සැප්තැම්බර් මාසයේදී 55.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව තොග මිලදී ගැනීම්ද ඒකක 58.3 සිට 56.8ක් දක්වා අඩු වේගයකින් ඉහළ යාමක් සටහන්ව තිබේ. කෙසේ වෙතත් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය අගෝස්තු මාසයේ පැවැති 52.8 සිට සැප්තැම්බර් මාසයේදී 52.7ක් දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.



අදහස් (0)

ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site