පුළුල් වන නාගරික පාරිභෝගික පදනමට අවශ්ය සියලු මූල්ය විසඳුම් එකම වහලක් යටතේ පිරිනැමීම සඳහා වන සිය දැක්මේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී (AFIN) සමාගමේ 64 වැනි ශාඛාව වත්තලදී පසුගියදා විවෘත කෙරිණි. ඇසට්ලයින් ෆිනෑන්ස්, ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් සමූහයට අනුබද්ධිත ප්රමුඛතම මූල්ය සේවා සමාගමයි.
නො. 58/1/1, පරණ මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටි මෙම නවතම ශාඛාව, වත්තල ප්රදේශයේ පදිංචි ජනතාවටත්, ව්යාපාරික ප්රජාවටත් පහසුවෙන් සිය මූල්ය අවශ්යතා ඉටුකර දෙන මධ්යස්ථානයකි. කඩිනම් ණය සේවා සහ පාරිභෝගික අවශ්යතා අනුව ලබා දෙන මූල්ය උපදෙස් සමගින් ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගම වත්තල ප්රදේශයට සිය පරිපූර්ණ මූල්ය සේවා පෙළ වඩාත් සමීප කර ඇත. ලීසිං සහ ණය සේවා කඩිනම් කිරීමත්, පාරිභෝගිකයාට මූල්ය සේවා සඳහා ඇති ප්රවේශය පුළුල් කිරීමත් මෙහි මූලික අරමුණයි.
මෙම අවස්ථාව සඳහා, ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක, ප්රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් ද සිල්වා, ප්රධාන අලෙවි නිලධාරී අජන්ත ප්රේමසිරි, ප්රධාන අයකිරීම් නිලධාරී ශිරාන් වීරසිංහ, ශාඛා කළමනාකරණ අංශයේ සාමාන්යාධිකාරී සංඛ ජයම්පති ඇතුළු ජ්යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ප්රදේශයේ සුබපතන්නන් ද විශාල පිරිසක් සහභාගී වූහ.
මේ අනුව, 64 ක් දක්වා පුළුල් වූ ඇසට්ලයින් ෆිනෑන්ස් ශාඛා ජාලය, ඩේවිඩ් පීරිස් සමූහයේ පාරිභෝගික සේවා ස්ථාන 2,500 කට අධික සංඛ්යාවකගේ සහයෝගය ද සහිතව ක්රියාත්මක වේ.
පරණ මීගමුව පාරට මුහුණලා පිහිටා ඇති නව ශාඛාව හරහා රථවාහන ණය, කාරක ප්රාග්ධන ණය (Asset Drafts), Solar Financing ඇතුළු පුළුල් පරාසයක විහිදුණු සේවා පෙළ එකම වහලක් යටතේ හිමිකර ගැනීමට වත්තල සහ ඒ අවට ප්රදේශයේ ජනතාවට හැකිවන අතර එය කඩිනම් බව, මෙහෙයුම් නම්යශීලී බව සහ පාරිභෝගික පහසුව මත පදනම්ව කටයුතු කරයි.
මෙහිදී අදහස් දැක්වූ ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක මහතා සඳහන් කළේ, වත්තල ප්රදේශයට අපගේ ව්යාප්තියේ ප්රධාන අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම මූල්ය සේවා සමීප කරවීමයි.
ප්රධාන වාණිජ මධ්යස්ථානයක් ලෙස වත්තල ප්රදේශය අඛණ්ඩව දියුණු වෙමින් පවතින බැවින්, ජනතාවට මෙන්ම ප්රදේශයේ ව්යාපාරික ප්රජාවට ද විශ්වාසනීය මූල්ය විසඳුම් කඩිනමින් සහ පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීම අපගේ අරමුණයි.
මෙම නව ශාඛාවෙන්, අපගේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ප්රදේශයේදීම කඩිනම් හා කාර්යක්ෂම සේවයක් සැපයීමට ඇති අපගේ හැකියාව තවදුරටත් ශක්තිමත් වේ.” යනුවෙනි.
පරිසර හිතකාමී ගමනාගමනය වෙනුවෙන් ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරමින්, වත්තල ශාඛාව මගින් ද ඉලෙක්ට්රික් Chetak ස්කූටර්, ඉලෙක්ට්රික් ත්රිරෝද රථ, ඉලෙක්ට්රික් BAIC X3e, GWM හා BAIC හයිබ්රිඩ් මාදිලිතුළු තිරසාර රථවාහන මූල්ය විසඳුම් ලබා දීමට කටයුතු කෙරේ.
ඇසට්ලයින් ෆිනෑන්ස්, 64 වැනි ශාඛාව වත්තලදී විවෘත කෙරේ