IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දෙවැනි මට්ටමේම සංචාරක උපදේශනයක්

විමුක්ති එස්. රුද්‍රිගු


ඇමෙරිකාව, ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක උපදේශනය පසුගියදා යාවත්කාලීන කළේය. සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් පැවැති දෙවැනි මට්ටමේම ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක යාවත්කාලීන පවත්වාගෙන යාමට ඇමෙරිකාව තීරණය කර ඇත.
සංචාරක උපදේශනයට මෙරට සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයකු පිළිපැදිය යුතු සාමාන්‍ය උපදෙස් මාලාවක් ඇතුළත් වන අතර එම උපදෙස් මෙවර යාවත්කාලීන කිරීම මගින් ඇතුළත් කළ ඒවා නොවීමද විශේෂත්වයකි. මෙවර යාවත්කාලීන කිරීමෙන් කිසිදු විශේෂ උපදේශයක් සංචාරක උපදේශනයට ඇතුළත් කර නොමැත.
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ ඇතුළත් පොදු උපදෙස් කීපයක් මෙසේය.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට නොසන්සුන්තා, ත්‍රස්තවාදී ක්‍රියා සහ බිම්බෝම්බ ගැන සැලකිලිමත් විය යුතු බව සංචාරක නිවේදනයේ සඳහන් වේ. විරෝධතා ඇතිවූ විට ඒවා විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්, ජල විදිනයන් භාවිත කරන බවත් ඒ හේතුවෙන් ජනයා ඒකරාශීවීම් මගහැර සිටින ලෙස එහි දැක්වේ. එසේම විරෝධතා පෙර දැනුම් දීමකින් තොරව ප්‍රචණ්ඩ විය හැකි බවත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එහි සඳහන් වේ.

 



අදහස් (0)

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දෙවැනි මට්ටමේම සංචාරක උපදේශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site