IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


ඇමරිකාවේ තීරණයෙන් ලංකාවේ කොටස් වෙළෙඳපොළට බලපෑම්

විමුක්ති එස් රුද්‍රිගු


ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
සියයට 44 ක තීරු බද්දක් ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ බවට වාර්තා වීමත් සමග අයෝජකයන් තුළ ඇති වූ දෙගිඩියාව මෙම පහත වැටීමට හේතුව වන්නට ඇතැයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේය.
කොටස් වෙළෙඳපොළ ඊයේ (03) සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 349.84 කින් 15,657.60 දක්වා පහත වැටුණු අතර S&P  ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 119.30 කින් 4,643.32 දක්වා පහත වැටිණ.



අදහස් (0)

ඇමරිකාවේ තීරණයෙන් ලංකාවේ කොටස් වෙළෙඳපොළට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site