IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඇම්බියොන් සමූහය හෝටල් සමාගම් දෙකක රු.මි. 870ක් වටිනා කොටස් මිලදී ගනී

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ආයෝජන සමාගමක් වන ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සහ ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම හෝටල් සමාගම් දෙකක කොටස් මිලදී ගත් බව පවසයි. මෙම ගනුදෙනුවල වටිනාකම රු.මි. 870ක් (රු. 870,929,582) ලෙස සටහන්ව ඇත. 
මේ අතරින් ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කැන්ඩි හොටේල්ස් කෝපරේෂන් (1938) පීඑල්සී සමාගමෙහි කොටස් 45,904,622ක් මිලදී ගෙන ඇති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 6.09 කි. මෙහිදී කොටසක් රුපියල් 12ක් බැගින් මිලදී ගෙන තිබේ. ගනුදෙනුවේ වටිනාකම රු.මි. 550ක් (550,855,464) වෙයි. 
එසේම ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි කොටස් 12,310,543ක් මිලදී ගෙන ඇති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 6.84 කි. මෙහිදී කොටසක් රුපියල් 26ක් බැගින් මිලදී ගෙන තිබේ. ගනුදෙනුවේ වටිනාකම රු.මි. 320ක් (320,074,118) වෙයි. ඒ අනුව ගනුදෙනු දෙකෙහිම වටිනාකම රු.මි. 870කි.
මහනුවර පිහිටි ක්වීන්ස් හෝටලය සහ Hotel Suisse හි හිමිකාරීත්වයද ඇත්තේ කැන්ඩි හොටේල්ස් කෝපරේෂන් (1938) පීඑල්සී සමාගමටයි. එසේම මාලදිවයිනේ පිහිටි Ceylon Hotels Maldives ද ඊට අයිතිය. කැන්ඩි හොටේල්ස් කෝපරේෂන් (1938) පීඑල්සී සමාගමේ සියයට 70.09 ක කොටස් හිමිකාරීත්වයක් සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම සතුය.



අදහස් (0)

ඇම්බියොන් සමූහය හෝටල් සමාගම් දෙකක රු.මි. 870ක් වටිනා කොටස් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site