IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ඇප් පාදක රියදුරන්ට FPF සහ ETF දායකත්වය ලබාදීමට නිර්දේශ


මෙරට තුළ සිටින ඇප් වැඩසටහන් පාදක රියදුරන් (App Base Workers) වෙනුවෙන් අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබාදීම ඇතුළු නිර්දේශ කිහිපයක් පසුගියදා රැස් වුණු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් වූ බව පවසයි. 

අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයන්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවේ වාර්තාව එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. දිනිඳු සමන් හෙන්නායක මහතා විසින් සභාපති අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට මෙලෙස ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් (App Base Workers) සඳහා මෙන්ම පෞද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රිරෝද රථ රියදුරන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ.

 

 



අදහස් (0)

ඇප් පාදක රියදුරන්ට FPF සහ ETF දායකත්වය ලබාදීමට නිර්දේශ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site