IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ පළමු මාස එකොළහේ සියයට 5.42ක වාර්තාගත කාර්යසාධනයක්

 

  • නොවැම්බර් මාසයේ ඇඟලු‍ම් අපනයන ආදායමේ සියයට 1.96ක පසුබෑමක්
  • පළමු මාස 11ට ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායමක් උපයලා
  • එක්සත් රජධානියට කළ අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 43.63ක්. එය පෙර මාසයට වඩා සියයට 13.83ක පසුබෑමක්

2025 වසරේ පළමු මාස 11 තුළ වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලු‍ම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කළ දත්තවලට අනුව පසුගිය මාස 11ක කාලසීමාවේදී මෙරට ඇඟලු‍ම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර එය පෙර වසරේ පළමු මාස 11ට සාපේක්ෂව සියයට 5.42 ක වර්ධනයක් පෙන්නුම් කරයි. 

2025 නොවැම්බර් මාසයේදී ඇඟලු‍ම් අපනයන හරහා ඩොලර් මිලියන 367.60ක් ඉපැයූ අතර 2024 වසරේ නොවැම්බර් මාසයේදී මෙම අගය ඩොලර් මිලියන 374.94ක් විය. මේ අනුව පෙර වසර සාපේක්ෂව නොවැම්බර් මාසයේ ඇඟලු‍ම් අපනයන ආදායම සියයට 1.96ක සුළු පසුබෑමක් පෙන්නුම් කරයි. 

මාසික අපනයන ඉපැයීම් කාර්යසාධනය සලකා බැලීමේදී එක්සත් ජනපදයට කළ අපනයන ඩොලර් මිලියන 152.32ක් වූ අතර එය මාසික පදනම යටතේ සලකා බලන විට සියයට 5.79ක වර්ධනයකි. යුරෝපා සංගමයේ රටවලට කළ අපනයන වටිනාකම ඩොලර් මිලියන සියයට 119.61ක් වූ අතර එය පෙර මාසයට සාපේක්ෂව සියයට 3.35ක වර්ධනයක් පෙන්නුම් කරයි. එක්සත් රජධානියට කළ අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 43.63ක් වන අතර එය පෙර මසයට වඩා සියයට 13.83ක පසුබෑමක් පෙන්නුම් කරයි. අනෙකුත් වෙළෙඳපොළ සඳහා කළ අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 52.04ක් වන අතර එය පෙර මාසයට සාපේක්ෂව සියයට 19.44ක පසුබෑමක් පෙන්නුම් කරයි. 

නොවැම්බර් මාසය තුළ ඇඟලු‍ම් අපනයනයෙහි පසුබෑමක් පෙන්නුම් කළද 2025 වසරේ පළමු මාස නවය තුළ ඇඟලු‍ම් අපනයනයෙහි සමුච්චිත වටිනාකම ඩොලර් මිලියන 571.99ක් බවට පත් කරමින් පෙර වසරේ පළමු මාස 9ට සාපේක්ෂව සියයට 5.42ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 වසරේ පළමු මාස 9දී මෙම අගය දැක්වුණේ ඩොලර් මිලියන 336.84ක් ලෙසටය. 

මෙම වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය. “2024 වසර සාපේක්ෂව 2025 වසරේ පළමු මාස 9 තුළ සැලකිය යුතු ආදායම් ඉපැයීම් කාර්යසාධනයක් වාර්තා කිරීමට හැකිවීමෙන් මෙම ක්ෂේත්‍රය ගෝලීය අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ඹ්‍නෑම තත්වයකට වේගවත්ව අනුගත වීමේ ස්වභාවය මැනවින් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් මාසයේදී පමණක් සියයට 1.96ක සුළු පසුබෑමක් වාර්තා වූවද පළමු මාස 11 දී ලද කාර්යසාධනය කර්මාන්තයෙහි ප්‍රගමනය සඳහා බෙහෙවින් ඉවහල් වන බව මගේ අදහසයි. යුරෝපීය හා ඇමරිකා එක්සත් ජනපදයට කළ අපනයනවල වටිනාකම ඉහළ යෑම අප විසින් මෙම වෙළෙඳපොළ සඳහා අනුගමනය කළ උපායමාර්ගවල සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන බව පැවසිය හැකියි.

 

 

 



අදහස් (0)

ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ පළමු මාස එකොළහේ සියයට 5.42ක වාර්තාගත කාර්යසාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site