IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ආසන පටි සහන කාලය මාස 03 කින් දීර්ඝ කෙරේ


නිමල කොඩිතුවක්කු 


2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝගය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අදාළ වාහන නිෂ්පාදකයන් විසින් ආසන පටි සවි කර නොමැති වාහන සඳහා ආසන පටි විධිමත් පරිදි සවි කිරීමට හැකි වන පරිදි ලබා දී ඇති සහන කාල සීමාව 2026-06-19 දිනෙන් අවසන් වී තිබේ.

 එකී සහන කාලය තවදුරටත් 2026-09-19 දින දක්වා මාස 03 කින් දීර්ඝ කරන ලෙස අදාළ පාර්ශ්ව විසින් සිදු කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, අංක 2493/19 දරන 2026-06-17 දිනැති අති විශෙෂ ගැසට්‌ නිවේදනය මගින් 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝගය සංශෝධනය කරනු ලැබ ඇත.



අදහස් (0)

ආසන පටි සහන කාලය මාස 03 කින් දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site