
ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහයට අනුබද්ධිත රක්ෂණ ආයතනය වන ආර්පිකෝ රක්ෂණ සමාගම සිය නව්‍යතම නිෂ්පාදනය වන ආර්පිකෝ ස්මාර්ට් ඉන්වෙස්ට්මෙන්ට් සැලසුම (Arpico Smart Investment Plan) පසුගියදා එළිදැක්විය.
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මූලික කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නව්‍ය සැලසුම, රක්ෂිතයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට සුහුරු (Smart) ප්‍රවේශයක් ලබා දෙමින්, නම්‍යශීලි, විස්තීරණ ප්‍රතිලාභ රැසකින් සමන්විත වේ. මෙම නව සැලැස්මේ ඇති කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, එය වයස අවුරුදු 80 දක්වා වන ආරක්ෂාවක් ලබා දීමයි. වාරික ගෙවීමේ නම්‍යශීලී බව නිසා, ඔප්පු හිමියන්ට අවම වශයෙන් වසර තුනක් වැනි කෙටි කාලසීමාවකට යටත්ව පවා ගෙවීම් කළ හැකි අතර මාසික, කාර්තුමය, අර්ධ-වාර්ෂික හෝ වාර්ෂික යන කැමැති ගෙවීමේ ක්‍රමයක් තෝරා ගැනීමට ද අවස්ථාව ඇත.
රක්ෂිතයාගේ ආරක්ෂාවට අමතරව, මෙම සැලැස්ම රක්ෂිතයාගේ සහකරු/සහකාරිය සඳහා විශිෂ්ට ආරක්ෂාවක් ලබා දෙන අතර, දරුවන් සඳහා වටිනා රක්ෂණ ප්‍රතිලාභද ලබාදෙමින් සමස්ත පවුල් සුරක්ෂිතතාව තහවුරු කරයි. තවද, අනපේක්ෂිත අවස්ථා සඳහා අමතර ආරක්ෂාවක් ලෙස සෞඛ්‍ය, ආබාධිත සහ වාරික නිදහස් කිරීමේ ආවරණ (Health, Disability, and Waiver of Premium Covers) ඇතුළත් කිරීමෙන්, සැලැස්මේ ආරක්ෂාව වැඩි කර ගැනීමටද ඔප්පු හිමියන්ට නිදහස ඇත. ආයෝජන අරමුදල ඉහළ දැමීමට ඉඩ සලසන ටොප්-අප් (top - up) ක්‍රමවේදය හරහා ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මෙම සැලැස්ම අනුවර්තනය වේ.
ආර්පිකෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලුම් සේනානායක මහතා මෙම නව රක්ෂණාවරණය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ආර්පිකෝ ස්මාර්ට් ඉන්වෙස්මන්ට් සැලසුම, රක්ෂිතයා සැබවින්ම කේන්ද්‍රගත වන අනාගතයක් පිළිබඳ අපගේ දැක්ම පිළිඹිබු කරයි. මෙම නවෝත්පාදනය, විශිෂ්ට ආරක්ෂාවක් සහ ඉහල ප්‍රතිලාභවල ප්‍රබල සංකලනයක් සමගින්, ඔප්පු හිමියාට අසමසම නම්‍යශීලී බවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට ගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. සෞඛ්‍ය සහ මූල්‍ය ආරක්ෂාව යන දෙකම නම්‍යශීලී විය යුතු බවට අපි තරයේ විශ්වාස කරන අතර, මෙම සැලැස්ම අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට සෞභාග්‍ය සහ සුරක්ෂිතභාවය කරා තමන්ගේම ගමනක් සැලසුම් කිරීමට බලය ලබා දෙන අතරම, නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීයභාවය සඳහා අපගේ ඇති කැපවීමට සාක්ෂියකි.
මෙම සැලැස්මේ ඇති වටිනාකම අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය. “ඔප්පු කාල සීමාව අවසානයේදී, ඔප්පුහිමියාට තම අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නම්‍යශීලී විකල්ප කිහිපයක් සමගින් තම ආයෝජනයේ සම්පූර්ණ පාලනය හිමිවනු ඇත. ඔවුන්ට, කල් පිරෙන දිනට පසුව, උපයා ගත් සියලුම ලෝයල්ටි රිවොර්ඩ්ස් සමඟ සම්පූර්ණ අරමුදලම එකවර මුදලක් ලෙස ලබා ගැනීමට හෝ සම්පූර්ණ අරමුදලම විශ්‍රාම අරමුදලක් බවට පත් කර මාසික විශ්‍රාම වැටුපක් ලෙස ලබා ගැනීමට හැකියාව තිබෙන අතර, තවද, අරමුදලින් කොටසක් මුදල් ලෙස ලබාගෙන ඉතිරිය මාසික විශ්‍රාම වැටුපක් සහිත විශ්‍රාම අරමුදලක් බවට පත් කිරීමෙන් ක්ෂණික මුදල් සහ නිත්‍ය ආදායමක් යන ප්‍රතිලාභ දෙකම ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. තවද, ඔප්පු හිමියාට කල් පිරෙන දිනට පසුව, සමස්ත මුදලම ඔවුන්ගේ සෞඛ්‍ය ආශ්‍රිත වියදම් සඳහා සෞඛ්‍ය අරමුදලක් බවට පත් කිරීමට හෝ මුදලින් කොටසක් ලබාගෙන ඉතිරිය එම වියදම් ආවරණය වන පරිදි සෞඛ්‍ය අරමුදලක් බවට පත් කිරීමටද හැකියාව ඇත.
ආර්පිකෝ රක්ෂණ සමාගමෙහි අලෙවි ප්‍රධානී, නෙලුශාන් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම නව සැලසුම අප පාරිභෝගිකයන්ට විශිෂ්ට රක්ෂණාවරණයක් ලබා දීමට අපගේ ඇති කැපවීමේ ප්‍රතිඵලයකි. මෙමගින්, ඔප්පුහිමියාට දිගුකාලීන ආරක්ෂාව හෝ ආයෝජන ප්‍රමුඛතාව, නම්‍යශීලී වාරික ගෙවීමේ කාලසීමාවන්, අමතර ආවරණ සහ විවිධ විකල්ප තෝරා ගැනීමට නිදහස ලබා දෙන අතර, රක්ෂිතයාගේ අවශ්‍යතා සහ මූල්‍ය තත්වයට ගැළපෙන සැලැස්මක් සකස් කිරීමට හැකියාව ලබාදෙනවා. මෙම සැලැස්ම හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අපගේ අඛණ්ඩ නවෝත්පාදන අවධාරණය කරන අතර, සියලුම රක්ෂණ හිමියන්ගේ සෞඛ්‍ය සහ මූල්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අපගේ ඇති කැපවීම තහවුරු කරයි.
මෙය ඇතුළු අපගේ අනෙකුත් රක්ෂණාවරණවලින් පිරිනමන ප්‍රතිලාභ සහ ආවරණ, අපගේ ගෞරවනීය ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබා දීමට ඇති අපගේ කැපවීමේ සෘජු ප්‍රතිඵලයකි.
‘ආර්පිකෝ ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට් සැලසුම’ අනර්ඝ ප්‍රතිලාභ ලබාදෙන රක්ෂණාවරණයක්