IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


ආර්ථිකය අලුත් ඇසකින්

පිළිගත් ආර්ථිකය යනු නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය සහ ආර්ථික ක්‍රියාකාරකම් ආගමික හා චාරිත්‍රානුකූල පිළිවෙත් සමග වඩාත් ගැඹුරින් වෙළී හැඩගැන්වී ඇති ආකාරයයි. තනිකරම ලාබය හෝ උපයෝගිතාව අරමුණෙන් මෙහෙයවීම සිදු වනවාට වඩා පිළිවෙත් ආර්ථිකයේ ගනු දෙනු සමාජ සම්බන්ධතා ශක්තිමත් වීම, සංස්කෘතික ඇගයුම් හා අධ්‍යාත්මික විශ්වාසය අරමුණ කොට පවතී. එහිදී භාණ්ඩ හා සේවා හුවමාරුව සිදුවන්නේ හුදෙක් ද්‍රව්‍යමය වාසි තකා නොව, පූජනීය මාෆියාවත් මුදුන්පත් කර ගැනීම අධ්‍යාත්මික වගා කුසල් අත්පත් කර ගැනීම හා විශ්වීය තුලනය පවත්වා ගැනීම යන අරමුණද අපේක්ෂාවෙනි.
 කැපවීම, තත්වය නැතහොත් වාර්ගික ඒකාබද්ධතාව ප්‍රකාශයට පත් කරන බොහෝ සමාජයන්හි පූජ්‍යත්වය හා ද්‍රව්‍ය අතර වෙන් කළ හැකි සම්බන්ධතාව හුවා දැක්වීම සඳහා ආර්ථික සම්පත් භාවිත කරන පූජා හා පරිත්‍යාග මෙම ක්‍රමයට ඇතුළත් වේ.

 

ශ්‍රී ලංකාව අනුසාරයෙන් 

ශ්‍රී ලංකාව අනුසාරයෙන් ගත් විට පිළිවෙත් ආර්ථිකය, සංස්කෘතික සම්ප්‍රදාය තිරසාර ලෙස පවත්වා ගැනීම, ආගමික සංස්ථාපනය සහ ප්‍රජාව අතර සමාජ ඒකාබද්ධතාව පවත්වා ගැනීම වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබයි. බෞද්ධ, හින්දු සහ දේශීය විශ්වාස සමග ගැඹුරින් මුල් බැසගත්, විහාර පූජා, දාන, වාර්ෂික පෙරහැර උත්සව, මුතුන් මිත්තන් පිදීම වැනි ආර්ථික ක්‍රියාකාරකම් වටා බැඳුණු පිළිවෙත් හුදෙක් පින් තකා කරන ආගමික උත්සව පමණක් නොවන අතර ඒවායින් පූජා අනන්‍යතාවක් හා දුරාවලීන් සහතික  කිරීමද කරනු ලබයි. විහාරවලට දෙන පුණ්‍යාධාර, ආගමික පිළිවෙත්වලට අනුග්‍රහය දැක්වීම, උත්සව සමයන්හිදී භාණ්ඩ හුවමාරුව, ආදියෙන් ගිහි ජනයා, පූජ්‍ය පක්ෂය  හා දේශීය ශිල්පීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පෝෂණය කෙරේ. මෙම අධ්‍යාත්මික හා ආර්ථික පිළිවෙත් සංකලනයෙන්, විශ්වාසයෙන් ශක්තිමත් වුණු ආර්ථික ප්‍රවාහ, ආර්ථික දායකත්වයට සහයෝගය දෙනු ලබන අතර එහි ප්‍රතිඵල ලෙස අධ්‍යාත්මික හා සමාජමය බැඳීම් ඒවායින් ශක්තිමත් වේ.
ශ්‍රී ලංකාවේ පිළිවෙත් ආර්ථිකයෙන් ආගම, ආර්ථිකය හා සමාජය අතර අන්තර් ක්‍රියා සවිමත් වේ.
පිළිවෙත් ආර්ථිකය ශ්‍රී ලංකාවේ දෛනික ජීවිතය සමග ගැඹුරෙන් ගෙත්තම් වී, සංස්කෘතික සංරක්ෂණයේ සහ ආර්ථික වර්ධනයේ වැදගත්  කාර්ය බාරයක් ඉටු කරයි. ගිහි ජනයා, බෞද්ධ භික්ෂූන්, කන්‍යා සොයුරියන්, අනෙකුත් ආගම්වල පූජ්‍ය පක්ෂය, කට්ටඬියන් වැනි සම්ප්‍රදායික යාතු කර්මවල කෙල පැමිණියවුන් විවිධ සහායික පුද්ගලයන් ආදී පුළුල් පරාසයක නියෝජිතයන් එයින් වෙළාගෙන ඒවායේ ඈතට දිවෙන විශේෂත්වය හුවා දක්වයි. මේවායින් සමහර පිළිවෙත් වලට, ඔවුන්ගේ සේවාව උදෙසා ගෙවීම් කිරීමද ඇතුළත් වන බැවින් ඒවායින් සිදුවනව ආදායම් උත්පාදනය හේතුවෙන් අර්ධ කාලීන හා පූර්ණ කාලීන රැකියාද නිර්මාණය වේ.
දාන, ආශිර්වාද පිංකම්, සුවපත් කිරීමේ චාරිත්‍ර සහ විහාරවල වාර්ෂික උත්සව සඳහා භාණ්ඩ සැරසිලි, ප්‍රවාහන, ආහාර පාන, සංග්‍රහ, සංගීත, ආදිය ඊට අවශ්‍ය වන බැවින් ඒවායින් සත්කාරක කර්මාන්තය හා කුඩා ව්‍යවසාය උත්තේජණය කිරීම සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස පිළිවෙත් ආර්ථිකයෙන් අධ්‍යාත්මික හා සංස්කෘතික තිරසර බව සිදුවනවා පමණක් නොව එයින් දිවි පැවැත්මට සහාය ලැබීම, ව්‍යවසාය පෝෂණය, දිවයින පුරා ස්වදේශීය ආර්ථිකයට ධනාත්මක දායකත්වය ලැබීමද සිදුවේ යයි එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ආගමික හා දේවධර්ම ග්‍රන්ථ අංශයේ බෞද්ධ අධ්‍යයන පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රිටා ලැන්ගර් පවසන්නීය.
 ආචාර්ය ලැන්ගර් පවසන ආකාරයට සිංහල දමිළ අළුත් අවුරුද්ද, වෙසක් උත්සවය, හා මහනුවර ඇසළ පෙරහැර වැනි ජාත්‍යන්තර උත්සව, ශ්‍රී ලංකාවේ සංචාරක අංශය වැඩිදියුණු කරන විදේශීය අමුත්තන් දහස් ගණනින් ඇද ගන්නා ශ්‍රී ලංකාවේ පිළිවෙත් ආර්ථිකයේ ප්‍රධාන සංරචක වේ. මනා සංස්කෘතික හා ආගමික උත්සව ආදියෙන් ශ්‍රී ලංකාවේ පොහොසත් අධ්‍යාත්මික උරුමය පෙන්වා දෙනවා පමණක් නොව, සත්කාරකභාවය, පරිවහණය, හස්තකර්මාන්ත හා ආහාර සේවා ඇතුළු විවිධ අංශවල පැතිරුණ ආර්ථික ක්‍රියාකාරකම්ද උත්පාදනය කර දෙයි. ‘‘මෙම උත්සව කාලයට වරක් එන පිළිවෙත් ආර්ථිකයේ කොටසක් බැවින් ඒවායේ ඉහළට ඉස්මතු වී පෙනෙන මෙම ප්‍රවනතාවෙන් පුණ්‍යකර්මයකට වැඩි දෙයක් පැහැදිලි වේ. එයින්  සහානුකම්පාවේ සහ ඇතුලාන්තයේ සාමනෝදය හා තෘප්තිමත් භාවය වර්ධනය කිරීමේ සවිඥානක වෑයම නූතන ප්‍රකාශනය හෙළිදරව් වේ. බෞද්ධ උත්සව හා විහාරවල උත්සවවල යෞවනයන්ගේ උද්‍යෝගී සහභාගිත්වයෙන් එවැනි වගකීම් වයෝවෘද පරම්පරා මත පමණක් පැටවේය යන නිරන්තර සම්ප්‍රදායික දෘෂ්ටියෙන් බැහැර වීමක් සනිටුහන් වේ.
‘‘ඉහළ මට්ටමේ ධනේෂ්වර සමාජ ආර්ථික පරිසරයක් තුළ ඒවා තරුණයෝ, ආත්මාර්ථකාමී නොවූ ප්‍රදාන කරමින්, භික්ෂූන්ට දාන මාන, දෙමින් ආරෝග්‍ය ශාලාවල රෝගීන්ට ආහාර බෙදා දෙමින් වරප්‍රසාද නොලත් පාසල් දරුවන්ට ආධාර උපකාර කරමින් සෘජු ප්‍රතිලාභ හෝ ද්‍රව්‍යමය ලාභ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරති. අනෙක් අය ආහාර සකසා දීම මා හට නම් ප්‍රබල භාවනාවකි. එය සම්ප්‍රදායික පටු අර්ථකථනවලින් විතැන් වීමකි. එහෙත් එය යාතු කර්ම පිළිවෙත් හා කාල්පනිත තත්වය අතර පිළිගැනීමේ ලුහුඬුතා හේතු කොට ගෙන  නොසලකා හැරේ. කෙසේ වුවද මෙම ක්‍රියාකාරකම් වලින් ගැඹුරු සදාචාරාත්මක හා අධ්‍යාත්මක 
කැපවීම් හුවා දක්වමින්, ප්‍රජා ඇගයුම් ශක්තිමත්  කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස සමාජිකව සේවය කරමින් සමාජ ඒකාබද්ධතාවට හා වඩා ක්‍රියාන්විත සමාජයකට සේවය කිරීමට යෝජනා කරයි.’’ මෙම ප්‍රායෝගික පැවතුම් වලින් කලා ශිල්පීන්ගේ සිට නිරූපණ ශිල්පින්, අහර වෙළෙන්දන්, ප්‍රවාහණ පහසුකම් සපයන්නන් ආදී පුළුල් පරාසයක ජනතාවට ජීවන පැවැත්මේ අවස්ථා ලබාදෙන බැවින් ඒවායින් ආර්ථික වර්ධනයද උදෙසා ප්‍රවර්ධන කාර්යයන් කෙරේ.
 තවදුරටත් නිත්‍ය අධ්‍යාත්මික ප්‍රතිපදාවන්වල නියැලීම දිරිමත් කිරීමෙන් පිළිවෙත් ආර්ථිකය, ඇතුලාන්තයේ සාමය පිළිබඳව හැඟීම හා සාමූහික යහපැවැත්ම වගා කිරීමට උපකාරි වේ. එය කම්පනයන්ට ඔරොත්තු දෙන ස්ථාවර පදනමක් සකස් කිරීමේදී වැදගත් වන්නේය. ඒ ආකාරයට පිළිවෙත් ආර්ථිකය ඔස්සේ අධ්‍යාත්මික සවිඤ්ඤානිකත්වය පෝෂණය වනු පමණක් නොව දීර්ඝ කාලීන සමාජ ආර්ථික ප්‍රගතියට සහාය දක්වන එකමුතු බවේ හැකියාද අරමුණද ශක්තිමත් කරනු ලබයි.


 සම්ප්‍රදායේ භාරකරුවන් ලෙස  තරුණ හා කාන්තා නියැලීම 
ශ්‍රී ලංකාවේ තරුණ ජනයා හා යොවුන් කණ්ඩායම් දන්සල් සංවිධානය කිරීමේ යන එන්නන්ට නොමිලේ ආහාර වේල ප්‍රදානය කිරීමේ හා ක්‍රියාකාරීව නියැලීම් සංඛ්‍යාවෙන් වැඩිවන බව පැහැදිලිව දිස්වේ. එයින් සමාජ අගැයුම්වල අර්ථ පූර්ණ වෙනස් වීමක් පිළිබිඹු වේ.  චක්‍රිය ස්වභාවයෙන් පුණරාවර්තන ආර්ථික අවස්ථා නිර්මාණය කරන අතරතුර සංස්කෘතික අනන්‍යතාව ශක්තිමත් කරමින් ජාත්‍යන්තර අකර්ෂණයද දිනාගනී. 


 සදාචාරාත්මක අධ්‍යාත්මික හා  සමාජ අගයන් 
පිළිවෙත් ආර්ථිකය සෑහෙන තරමින් සමාජයේ අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කිරීමට දායක වන අතර අවසාන වශයෙන් ජාතියේ සමස්ත සමාජ - ආර්ථික පදනමද එයින් ශක්තිමත් කෙරේ. සංස්කෘතික හා ආගමික පිළිවෙත් දෛනික ජීවිතය හා එකට වෙලී පවතින ශ්‍රී ලංකාව වැනි රටක පිළිවෙත් ආර්ථිකයෙන් සේවය සැලසෙනුයේ අධ්‍යාත්මික, පරිපූර්ණ භාවයේ යාන්ත්‍රණයට පමණක් නොවේ. එයින් සදාචාර මර්ගෝපදේශයට, පූජා බන්ධනයන්ට සහ ආර්ථික සහභාගිත්වයටද වේදිකාවක් නිර්මාණය වේ.
පොහොය දිනවල දාන, විහාරවල පූජා, දන්සැල් වැනි ක්‍රියාකාරකම් සහ වෙනත් ආගමික වශයෙන් වැදගත් දින, සුවපත් කිරීමේ යාතුකර්ම නිසා පුද්ගලයන් හා ප්‍රජා දායානුකම්පාව, ත්‍යාගශීලී බව සහ සදාචාරාත්මක දිවි පැවැත්ම ප්‍රවර්ධනය කරන පිළිවෙත්වල නියැලේ. ඒවා සමාජ සහජීවනය හා අන්‍යෝන්‍ය ගෞරවයට දායක වන හර පද්ධතීන්ට අයත්ය යනුවෙන් ආචාර්ය ලැන්ගර් අවධාරණය කරන්නීය.
බොහෝ විට කාන්තාවන් හවුල් වී කරන පිළිවෙත් ක්‍රියාකාරකම්ද ඇය ප්‍රශංසාවලට ලක් කළාය.
‘‘රට පුරා බොහෝ නාගරික අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රජාව තුළ කිරි අම්මා දාන, හා පත්තිනි අම්මා දාන පෘථුල ලෙස සිදු කෙරෙන අතර ඒවා ප්‍රධාන වශයෙන් කාන්තාවන් කේන්ද්‍ර කොට කරන පිළිවෙත්ය. මෙම උත්සව ශ්‍රී ලංකාවේ ආශ්චර්යණීය සංස්කෘතික උරුමය තුළ මුල් බැස තිබෙන අතර සම්ප්‍රදායික, ආගමික හා සංස්කෘතික පිළිවෙත ඒවායින් සදාතනිකව පවත්වා ගැනේ. මෙම උරුමයේ ආරක්ෂකයන් ලෙස කාන්තාවෝ මෙම යාතුකර්ම අඛණ්ඩව තහවුරු කොට පවත්වාගෙන පමණක් නොව පරම්පරාවෙන් පරම්පරාවට ඒවා ගෙන යමින් සංස්කෘතික දෘඩ භාවය සහ අධ්‍යාත්මික පැවැත්ම පෝෂණය කිරීමද කරති. පිළිවෙත් ආර්ථිකයේ තුළ ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයෙන් ප්‍රජා අනන්‍යතාවත්, ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික පදනමත් ශක්තිමත් කෙරේ.’’ යනුවෙන් ඇය විස්තර කළාය.


 ගමේ කාර්ය භාරය හා  අදූෂිත සම්ප්‍රදාය 
 අද අවධාරණය කරනුයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පිළිවෙත් ආර්ථිකය පෝෂණය කිරීමේ වැදගත් කර්ය භාරය ගම ඉටු කරන්නේය’’ යන්නය. පැරණි සම්ප්‍රදාය සංරක්ෂණය කොට පවත්වාගැනීමේ කේන්ද්‍රීය කරණය කාර්යන් ගම ඉටු කරන බව ඇය පැහැදිලි කළාය.
‘‘මෙම යාතුකර්ම හා පිළිවත් ක්‍රියාකාරකම් පිටුපස ඇත්තේ විශේෂයෙන්ම බුද්ධාගමය. ගැමි ජීවිතයේ සමාජ පදනම හා අධ්‍යාත්මික පදනම එයින් හැඩගැන්වේ. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පිළිවෙත් ආර්ථිකය තායිලන්තය, මියන්මාරේ වැනි අනෙක් ප්‍රමුඛ බෞද්ධ රටවලින් වෙනස් වන අතර එම රටවල යාතු කර්ම පිළිවෙත් සාර්ථක ලෙස සමාජ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රවාහයන්ට සමානව ඒකාබද්ධව පවතී.’’ යයි ඈ කීවාය.



අදහස් (0)

ආර්ථිකය අලුත් ඇසකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site